Skip to content

උමතු ගෑණියකගේ අභිරහස් කතාව..

YouTube කියන ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක ඇතුලේ මේ වෙද්දී ලංකාවේ සිනමාවට හොඳ සාධාරණයක් ඉටුවෙමින් පවතිනවා. ප්‍රවීන වගේම නවක අධ්‍යක්ෂකවරුන්, නළු නිලියන්  YouTube කියන ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක කරලිය කර ගනිමින් ඔවුන්ගේ හැකියාවන් වර්තමානයේ මනාවට කල එලි නංවමින් සිටිනවා.

නවක පරපුරේ අපිට ඉන්න දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් වන Jo Dissanayake ගේ "There is a body" මං මේ කියන කාරණාව මනාවට පැහැදිළි කරන මිනි වෙබ් සීරිස් එකක්. Psychological, Thriller කියන කැටගරි එකට අයිති වෙන මේ කතා මාලාවෙ, ස්ක්‍රිප්ට් එක, ඩිරෙක්ෂන්, කස්ටියුම්, එඩිටිං මේ සේරමත් එක්ක රඟපෑම ගැන කතා නොකරම බෑ. සාරංග දිසාසේකර එක්ක රෙබෙකා දිල්රුක්ෂි තමයි මේකෙ මේන් රෝල් දෙක. සාරංග කියන්නෙ කොහොමත් අපිට ඉන්න දක්ෂ නළුවෙක්. ඒ වගේම දැනට රෙබෙකා ගෙ මම දැනට දැකපු හොඳම ඇක්ට් එක දකින්නෙ මේ ඩ්‍රාමා සීරීස් එකෙන්.

මේ නිර්මාණයේ වස්තු බීජය ගැන කෙටියෙන් සඳහන් කරනවනම්, ප්‍රධාන චරිතය වන  රාධිකා කියන්නෙ විවාහක කාන්තාවක්. නමුත් විවාහක කාන්තාවක් තමන්ගේ විවාහ ජීවිතය ඇතුලේ ප්‍රර්ථනා කරන සතුට සැනසීම රාධිකාට ලැබෙන්නේ නැති තරම්.

"අපිට සතුටින් ජීවත් වෙන්න ලොකු ලොකු හේතු ඕන නැහැ භාතිය .මුලින්ම ඔයාට මාව ඇති නම් මට ඔයාව ඇති නම් ඒකම අපිට ඇති සතුටින් ජීවත් වෙන්න.."

රාධිකාට අහම්බුවකින් වගේ ෆේස්බුක් එක හරහා ඇයට වඩා හුඟක් ලාබාල තරුණයෙක් මුණගැහෙනවා. ඔහු සමග යෙදෙන සංවාදයකින් අනතුරුව මේ තරුණයා ඇයව හමුවීමට ඇගේ නිවසට පැමිණෙනවා.

"ඇත්තටම මැරි කරල නැද්ද
හිටිය.. දැන් නෑ..
ඒකට මොකද.. දැන් මම ඉන්නවනේ"

මේ රාධිකා සහ ඔහු හමුවීමට එන තරුණයා අතර ඇතිවන සංවාදයේ දෙබස් කිහිපයක්. ගැහැණියෙක් පිරිමියෙක් අතර ඇතිවෙන කායික සම්බන්දයකදී ඔවුන්  ගොඩක් වෙලාවට දේවල් කතා කරන්නේ ඒ වෙලාවේ හිතට එන සිතුවිලිත් එක්ක. සමහරවිට ඒ වචන වල තේරුමවත් හරියට නොදැන. ඇත්තටම රාධිකා ගේ විවාහ ජිවිතේ තිබෙන හිස්තැන පුරවන්න මේ තරුණයාට හැකියාව ලැබෙයිද?  කතාව ටිකක් බලාගෙන යද්දි එක එක නිගමනවලට එන්න පුලුවන්. ඒත් හදිස්සි වෙන්න එපා. මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන් මිනි සිරිස් එකක්.

සමහරවිට මේ කතාව ඇතුලේ ඉන්නේ ඔයා දන්න කෙනෙක් වෙන්නත් පුලුවන්. සමහරවිට ඒ body එක ඔයාගෙ වෙන්නත් පුලුවන්. සමහරවිට ඒ body එක ඔයා මරපු කෙනෙක් වෙන්නත් පුලුවන්.

මේ තියෙන්නේ පළවෙනි එපිසෝඩ් එක. ⤵️

Directed by Jo Dissanayake | Script  - Anushka Rasanjana Desilva | cinematography - Shane Fernando | Cast - Saranga Disasekara, Rebecca Dilrukshi, Rumesh Chamara, Danushka Wanninayaka

Latest