Skip to content

"රන්දිල් පුතා 04" බහු දින යාත්‍රාව අනතුරක.

ජාත්‍යන්තර මුහුදට මසුන් මැරීම සදහා යාත්‍රා කරමින් තිබූ "රන්දිල් පුතා 04" බහුදින යාත්‍රාව දකුණු මුහුදේදී අනතුරට පත්ව ඇති බව නාවුක හමුදාව සදහන් කරයි.

පසුගිය 02 වැනිදා මීගමුව වරායෙන් පිටත්ව ගොස් ඇති මෙම යත්‍රාවේ ධීවරයින් 07 දෙනෙකු සිට ඇත.

පසුගිය 03 වැනිදා රන්දිල් පුතා 04 බහුදින යාත්‍රාව දකුණු මුහුදු ප්‍රදේශයේදී නැවක ගැටීමෙන් අනතුරට පත්ව ඇත. යාත්‍රාවේ සිටි ධීවරයින්ව වෙනත් බහු දින යාත්‍රාවක සිටි පිරිසක් විසින් බේරා ගෙන බේරුවල ධීවර වරායට ගෙනවිත් බාර දීමට කටයුතු කර ඇත. අනතුරට පත්ව ඇති බහු දින යාත්‍රාව මේ වන විට අම්බලන්ගොඩ - අකුරල ප්‍රදේශයේදී මුහුදේ පා වෙමින් තිබෙව බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

අනතුරට පත්ව ඇති ධීවර යාත්‍රාව ගෙඩ බිම දක්වා ගෙන  ඒමට නොහැකි තත්ත්වයක් ඇති බව නාවුක හමුදාව සදහන් කරයි.

අනතුරට පත්ව ඇත්තේ සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාට අයත් බහු දින යාත්‍රාවකි.

Latest