Titanic නෞකාව බැලීම සඳහා මුහුද යටට යාත්‍රා කල Titan සබ්මැරින් යන්ත්‍රයට අත්වූ ඛේදජනක සිදුවීමට අදට සති තුනක් පමණ වෙනවා. සබ්මැරින් එකේ සුන්බුන් හමුවීමට ප්‍රථම සබ්මරිනයට සිදුවූ දේ සම්බන්දව පළවූ විවිධ උපකල්පන ගතවූ සති කිහිපයේම අහන්න දකින්න ලැබුනා. ඒ අතරින් වඩාත්ම ආකර්ශනීය සහ වැඩි වශයෙන් කතා බහට ලක් වූ මාතෘකාවත් වුනේ Otodus Megalodon යන විද්‍යාත්මක නමින් හඳුන්වන මීට වසර මිලියන ගානකට කලින් වඳ වී ගියා යැයි සැලකෙන Megalodon නම් බිහිසුණු මිනී මෝරා ගැන මතය.

Megalodon කියන නමේ තේරුම පුරාන ග්‍රීක භාෂාවට අනුව විශාල දත. දැනට මහ මුහුදේ ඉන්න භයානකම Great White Shark අයත්වන Laminformes ඝණයට ඇතුලත් වන මේ මෝර විශේෂයේ පැවැත්ම ගැන මුලින්ම සඳහන් කරන්නේ ෆොසිල දතකින්.

ඒ දත මුල් වරට සොයා ගන්නේ වර්ෂ 1667 දි නිකොලස් ස්ටෙනෝ නම් ඩෙන්මාක් ජාතික පරිසරවේදියා. වසර මිලියන 3.6 එපිට පූර්ව මයෝසින සහ ප්ලියෝසින යුග වලදි ජිවත් වුනා යැයි සැලකෙන මෙගලඩොන් Great White Shark ට සමාන බාහිර පෙනුමක් තිබු සත්වයෙක් විදියට සලකනවා. පොසිල විදියට හමුවුන දත් සහ කශේරුකා ආශ්‍රයෙන් කරපු ගණනය කිරිම් වලට අනුව මෙගලඩෝන් දිගින් අඩි හතලිස් පහත් අඩි හැටත් අතර ඇති බව සැලකෙනවා. දැනට මුහුදේ ජිවත් වන විශාලතම මත්ස්‍යයා වන තල්මස් මෝරුන් අතරින් වාර්තා වෙලා තියෙන විශාලතම තල්මස් මෝරාගේ දිගත් මිටර් පහලොවක් දහ අටක් අතර.

ප්ලියෝසින යුගය අවසන් වෙනකොට මහා සාගර වල සිදුවුන වෙනස්කම් නිසා සාගර ජිවින්ගෙන් 36% පමණ වඳවී ගොස් තිබෙනවා. දිනකට රාත්තල් දෙදහස් පන්සියයකට වඩා ආහාර අවශ්‍ය වුන මෙගලඩෝන් මෙන්ම, දාම වල ඉහල හිටපු අධි ආහාර ඉල්ලුමක් තිබුන අග්‍ර විලෝපියයන්ට ආහාර දාම වල පාදස්ථයේ හිටපු සමුදුරු ජිවින්ගේ මෙම වදවිම බොහොම දරුණුවට බලපාලා තියෙනවා. ඒ වගේම ප්ලියෝසින යුගය අවසානයේදි ගෝලිය උණුසුමේ සිදුවුන අඩුවීම ඉහල උෂ්ණත්ව සහිත ඝර්ම කලාපික සමුදුරු ප්‍රදේශ වල ජිවත් වුන මෙගලඩෝන් මෝරුන්ට අහිතකර වෙන්න ඇති බවට විද්‍යාඥයන් මත පල කරනවා.
එලෙස වඳවී ගියායැයි සැලකෙන මෙගලඩෝන් ට නැවතත් පණ ආවේ 2018 වසරේදි තිරගත වුන The meg චිත්‍රපටයෙන්.

ජෝනාස් ටේලර් (Jason Statham) කියන්නෙ දක්ෂ දිය යට ජීවිතාරක්ෂක කිම්දුම් කරුවෙක්. ඔහු සිදුකරන එක් මෙහෙයුමකදී ඔහු ගමන් කරන යාත්‍රාවට හඳුනා නොගත් සත්වයෙක් පහර දෙනවා.එම අවස්ථාවේ ඔහු ගන්නා තීරණය මත පුද්ගලයන් කිහිපදෙනෙක්ට මිය යන්න සිදුවෙනවා. මෙම සිදුවීමෙන් කනස්සල්ලට පත්වන ටේලර් රැකියාවෙන් ඉවත් වෙනවා. ඊට වසර පහක පමණ කාලයකට පසු ටේලර් ගේ පරණ මිත්‍රයෙක් වන මැක් ටේලර් හමුවීමට පැමිණ ඔහු සේවය කරන දිය යට පර්යේෂණ මධ්‍යස්ථානයේ පරියේෂක කණ්ඩායමක් මරියානා අගාධයේ පතුල් ස්තරය හිල් කරගෙන දිය යටට ගමන් කල බවත්, මේ වන විට ඔවුන් ගැඹුරු දියේ හිර වී ඇති බවත් ඒ සිරවී කණ්ඩායමේ ටේලර් ගේ කලින් බිරිද සිටින බවත් පවසනවා. නමුත් ඒ කරුණු සියල්ලටම වඩා මේ සිදුවීමට ටේලර් ගේ අවදානය යොමුවෙන්නේ එම යාත්‍රාවටද හඳුනා නොගත් සත්වයෙක් සත්වයෙක් විසින් පහරදුන් පහර දී ඇති බව බව සැලවීමත් සමගයි. එසේ පවසන මැක් විසින් එම කණ්ඩායම බේරගන්නා ලෙසට ටේලර් ගෙන් ගෙන් උදව් ඉල්ලනවා.
මේ යාත්‍රාවට පහරදුන් සතා Megalodon කෙනෙක් ද? දක්ෂ කිමිදුම් කරුවෙක් වන ජෝනාස් ටේලර්ට මෙම කණ්ඩායම බේරගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න නම් The Meg බලන්නම වෙනවා.
විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම හා ත්‍රාසජනක යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකි මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Jon Turteltaub. Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber යන අයගේ තිර රචනයක් වන The Meg සඳහා පාදක වෙලා තියෙන්නේ 1997 වසරේ Steve Alten විසින් රචිත Meg: A Novel of Deep Terror කියන කෘතිය.

සුපිරි ක්‍රියාදාම නළු Jason Statham සමගින් Li Bingbing, Rainn Wilson, Ruby Rose, Winston Chao වැනි නළු නිලියන් රැසකගේ දායකත්වය ලැබී ඇති The Meg සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 130ක් පමණ වැයවී ඇති අතර එය ලොව පුරා තිරගත වීමෙන් ලබාගත් ආදායම ඩොලර් මිලියන 506ක් පමණ බව වාර්තා වෙනවා. මෙම චිත්‍රපටය ගැන විශේෂයෙන්ම සඳහන් කල යුතු කාරණාවන් කීපයක් තිබෙනවා
චිත්‍රපටයෙදි Jason ට වැඩිහරියක්ම තියෙන්නෙ වතුරත් එක්ක ගැටෙන්න. ඇත්තටම ඔහු සැබෑ ජීවිතයෙදිත් පිහිනුම් ශූරයෙක්. 1990 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී එංගලන්තය නියෝජනය කරන්නට පවා ඔහුට හැකියාව ලැබී තිබෙනවා.
Meg: A Novel of Deep Terror කියන නවකතාවේදීනම් මෙගලඩෝන් තනි සුදු, දිළිසෙන සතෙක්. නමුත් CGI කිරීමේදි එම වර්ණයන්ගෙන් තාත්වික පෙනුමක් ගැනීමට නොහැකි නිසා වර්ණය ටිකක් වෙනස් කරලා තියනවා කියලා මෙම චිත්‍රපටයේ නිර්මාණ කණ්ඩායම පවසනවා.