Skip to content

සංවර්ධන නිළධාරී තනතුරු එපා කියූ භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට

මධ්යම පලාතට අනුයුක්තව සංවර්ධන නිලධාරි තනතුරු සඳහා බඳවාගත් භික්ෂූන් වහන්සේ 36 නමක් පළාත් ගුරු සේවයට අන්තර් ග්රහණය කිරීමට මධ්යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පියවර ගෙන තිබේ.

2022 වසරේ මෙම භික්ෂූන් වහන්සේ සංවර්ධන නිලධාරී තනතුරු සඳහා බඳවා ගත්තද එම තනතුරේ කටයුතු කිරීමට උන්වහන්සේ හට ඇති අපහසුතා ආණ්ඩුකාරවරයා වෙත දැනුවත් කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේ 36 නම ගුරුසේවයට අන්තර්ගහනය කිරීමට කටයුතු කොට ඇත.

ඊට අදාළ පත්වීම් ප්රදානය කිරීම මධ්යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවීය.

Latest