Skip to content

නයිජීරියාවේ ෂෙල් නල පද්ධතියක් හරහා සිදුවූ දැවැන්ත තෙල් කාන්දුව.​

ඡායාරූප මූලාශ්‍ර විදෙස් මාධ්‍ය තුලිණි.

සඳුදා දිනයේ නයිජීරියානු බලධාරීන් සහ Shellහි එරට ප්‍රාදේශීය අනුබද්ධ ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ​ දින කිහිපයක් පුරාවට පැවති ට්‍රාන්ස් නයිජර් නල මාර්ගයේ තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙනුයි. මෙය බොනී අපනයන පර්‍යන්තයට (Bonny export terminal) දිනකට බොරතෙල් බැරල් 180,000ක් පමණ ප්‍රවාහනය කළ හැකි ප්‍රධාන නල මාර්ග පද්ධතියක් බවට සදහන් වේ.

රිවර්ස් ප්‍රාන්තයේ එලේම් හි (https://en.wikipedia.org/wiki/Rivers_State) ජුනි 11 වන දින මෙම කාන්දුව සිදුව ඇති බවට කරුණු අනාවරණය කරගනු ලැබ ඇති අතර ​ෂෙල් ආයතනය​ Shell Petroleum Development Company of Nigeria Limited (SPDC) ඒ බව ප්‍රකාශයක් හරහා තහවුරු කර ඇත්තේ ඊට දින හතරකට පසුවයි.

පාරිසරික අයිතිවාසිකම් සුරැකීමේ කණ්ඩායම් සදහන් කර ඇත්තේ එය පාලනය කිරීමට සතියකට පමණ පෙර සිටම මෙම කාන්දුව පැවති බවයි. SPDC කණ්ඩායමක් ඇතුලුව, නයිජීරියානු තෙල් කාන්දුවීම් හඳුනාගැනීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ඒජන්සිය සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් සඳුදා දින අදාළ ස්ථානයේ දත්ත විශ්ලේෂණය කිරීම, භෞතික සාක්ෂි පරීක්ෂා කිරීම සහ කාන්දු වීමට හේතු තක්සේරු කිරීම සිදු කරන ලද බව නයිජර් ඩෙල්ටාවේ පිටාර ගැලීම් නිරීක්ෂණය කරන තරුණ හා පාරිසරික උපදේශක මධ්‍යස්ථානය (Youths and Environmental Advocacy Centre) තහවුරු කර තිබේ.

ෂෙල් ආයතනයේ ප්‍රකාශකයෙකු විසින් ද ඒ බව විදෙස් මාධ්‍ය වෙත සනාථ කර ඇති අතර ඉදිරි පරීක්‍ෂණ හරහා මෙම තෙල් කාන්දුවේ පරිමාව තීරණය කරනු ඇති බවට ද සදහන් කර ඇත​. Shell ආයතනය ඉකුත් වසර ගණනාව පුරාවටම නයිජර් ඩෙල්ටාවේ තෙල් කාන්දුවීම් සම්බන්ධයෙන් නීතිමය අර්බුද කිහිපයකටම මුහුණ පා ඇත​. මෙම කලාපයට අදාළව පරිසර දූෂණය, මුල්‍ය අක්‍රමිකතා වැනි කරුණු රැසක් ද තෙල් හා ගෑස් කර්මාන්තයට අදාළව සිදු වන බව බොහොමයකගේ මතය වී තිබේ.

Latest