Skip to content

වෙසක් එකට හදවතින් කරන ලොකුම අමිස පූජාව කරන්නට සෑම වසරකම මාසයක් රැකියාවට නිවාඩු දී සමාජයට ආදර්ශයක් ලබා දෙන මිනිසා.

චමින්ද පුෂ්ප කුමාර මහතා බිරිඳ දරුවන් දෙදෙනා සමග

සෑම වසරකම තම රැකියාව මාසයකට වැඩි කාලයක් සිදු නොකර වෙසක් දිනයට ජනතාවට නොමිලේ නැරඹිමට අවස්ථාව ලබා දෙන්නට රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ ශ්‍රමය වැය කර තම දරුවන් දෙදෙනාගේ සහ බිරිඳගේ සහයෝගයෙන් සකස් කරන අපූරු වෙසක් පහන් කූඩුවක් ගැන තොරතුරු සොයා අප ගියේ අද කාලයේ මෙවැනි මිනිසුන්ගේ අඩුව අපට තදින්ම දැනෙන නිසාය.
මෙම තෙමහල් පහන් කුඩුව ඔහු නිර්මාණය කර ඇත්තේ ඔහුගේ නිවස පිහිටා ඇති වඩුවාල, මීපිටිය ග්‍රාමයේ ඔහුගේ නිවස ඉදිරිපිට මිදුලේය. මෙහි නිර්මාණකරු දෙදරු පියෙක් වන 48 හැවිරිදි එස්.එම්.චමින්ද පුෂ්ප කුමාර පෙරේරා යන අයයි. ඔහු විසින් මේ ඉදිරිපත් කරන්නේ ගම්මානයේ සිදු කරන සිව් වන නිර්මාණයයි. මෙවර ඉදිරිපත් කරන පහන් කූඩුවද තට්ටු තුනකින් යුක්ත වන අතර අඩි 50 කට වඩා වැඩි උසකින් යුක්ත නිර්මාණයකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සියලු නිර්මාණ ඔහු විසින් සිදු කිරීමත් පහන් කූඩුව සඳහා යොදා ගන්නා කැටයම් ඔහු විසින්ම සකස් කරන ලද ඒවා සහ වර්තමානයේ ආර්ථික අපහසුතාවයක් ඇති කාලයක මෙවැනි නිර්මාණයක් තමන්ගේ මුදල් වියදම් කර සිදු කිරීමයි. ඒ සම්බන්දයෙන් අප කල විමසීමකදි වඩු කාර්මිකයෙක් වන චමින්ද මහතා තම නිර්මාණය ගැන මෙසේ අදහස් පල කරන්නට විය.
මම වෘත්තියෙන් වඩු කාර්මික ශිල්පියෙක් මාගේ සෑම නිර්මාණයක් පිටුපසින් ඉන්නේ මාගේ බිරිඳ ඇය මට හැමදාම කියන්නේ ඔයාගේ හැකියාව පෙන්වන්ටත් වෙසක් දවසේ පහන් කූඩු සකස් කිරීම මොන බාධාවන් තිබුණත් කරන්න කියලා. මට ඒක ලොකු ශක්තියක්. මාගේ දරුවන් යමක් ඉගෙන ගන්නවා වාගේම මේ නිර්මාණය දිහා බලලා ගොඩාක් දෙනෙක් සතුටට පත් වෙනවා කියලා කියන්නේ අපේ හිත් වලට කවදාවත් ලබා ගන්න බැරි සතුටක් එක මුදල් වලට ගන්න අමාරුයි. ඒ නිසාම තමයි මාගේ රැකියාව සිදු කිරීමේදි මම මාසයක් එක නවත්වන්නේ දැනට අවුරුදු හතරක් තිස්සේ. එහෙම කරලා මේ නිර්මාණය පවුලේ අය එක්ක දිගටම කරගෙන යනවා.
මාගේ උපන් ගම පිළියන්දල එහේ ඉන්න කොට මම පහන් කූඩු තොරන් වලට උදව් කලා ඒ පුරුදු සහ හැකියාව මට තිබෙනවා. තව ඉදිරියටත් මම මාගේ හැකියාව උපයෝගි කරගෙන මෙවැනි නිර්මාණ වල නිරත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ වාගේ නිර්මාණයක් කරන්න බැහැ බිරිඳගේ සහ දරුවන්ගේ සහයෝගය නැත්නම්. එයාලා මම හම්බ කරලා සොයා ගන්නා මුදල් වලින් ජිවිකාව කරගෙන ගියත් සෑම වසරකම ඒ මුදල් වලින් කොටසක් ඉතුරු කරලා මේ නිර්මාණය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ වාගේම මේ නිර්මාණය යම් කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුවහොත් මම එතනට ගිහින් තම මේක වැඩි දියුණු කරලා ප්‍රදර්ශනය කරන්න සුදානම් යැයිද ඔහු අප සමග පැවසීය.
මෙම නිර්මාණය ප්‍රදර්ශනය කිරීමේදි ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්නේ නිර්මාණකරුගේ බිරිඳයි. එතුමියගේ සහයෝගය නොවන්නට මෙවැනි නිර්මාණයක් සිදු කරන්නට නොහැකි වන අතර පවුල් ආරවුල් නිරන්තරයෙන් කර ගන්නා බොහෝ දෙනෙකුට මේ දෙදෙනා තම දරුවන්ට සමාජයට ලබා දෙන්නේ විශාල ආදර්ශයක්. ආර්ථික අපහසුතා ඇති කාලයක මෙම නිර්මාණය සිදු කිරීමට නිර්මාණකරුගේ බිරිඳ වන 48 හැවිරිදි එස්.එම්. මැණීකේ මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මාගේ මහත්තයා වඩුකාර්මිකයෙක් ඉතින් මම එයාට කිවා සැගවුණු දක්ෂතා එළි දක්වන්න හොඳම අවස්ථාවක් ආගම දහම වෙනුවෙන් ආමිස පූජාවක් කරන්න කියලා. මම මේ නිර්මාණය කරද්දි එයාගේ පිටුපස්සෙන් ඉදන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපි සෑම වසරකම ආගම දහම වෙනුවෙන් අපේ හැකියාවෙන් මීට වඩා ලොකු නිර්මාණ සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වෙන්නේ දරුවන් පවා මුදල් පසු පස හමා යන මුදලට විකිණෙන සමාජ වටපිටාවක යහපත් දේවල් කර ආත්ම තෘප්තියක් ලබන්නට හුරු පුරුදු කිරීමයි.

Latest