රුපියල් බිලියන අටදාහක ව්‍යාපෘතිවලින් භෞතිකව අල්ලන්න පුලුවන් ව්‍යාපෘති තිබෙන්නේ බිලියන තුන්දහ පමණක් බව විගණකාධිපතිගේ වාර්තාවකින් හෙළි වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (05) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,
''රට බංකොලොත් වෙලා තියෙද්දි මේ රටේ සුප්‍රකට ව්‍යාපාරිකයින්ට බෙදන්න සල්ලි තියෙනවා. මේ බංකොලොත් වීම කියන්නෙත් මෙයාලාගේ සාක්කුවේ කොටසක්. ණය අරන් අරන් මේක පුම්බලා ඒ ණය සාක්කුවේ දාගෙන .
විගණකාධිපතිගේ වාර්ථාවක් ආවා ඒ වාර්ථාවට අනුව මේ රටේ රුපියල් බිලියන අටදාහක ව්‍යාපෘතිවලින් අල්ලන්න පුලුවන් දේවල් තියෙන්නේ බිලියන තුන්දහක් විතරයි. ඒ කියන්නේ ඉතුරු පන්දහම කාගේ හරි සාක්කුවකට ගිහිල්ලා.
එතකොට මේ ණය අරගෙන තියෙන්නේ මේ රට සංවර්ධනය කරන්න කියලා කිවුවට ඒකද මේ වෙලා තියෙන්නේ. එක පැලැන්තියක් මේකත් එක්ක ධනවත් වෙලා තියෙනවා. ඒ සියලු පාපයන් අපි මත පටවන්න හදනවා.
ඔබතුමන්ලා ගිහිල්ලා බලන්න ඉස්පිරිතාල වල මොකක්ද වෙලා තියෙන්නේ. අද ඉස්පිරිතාලේ බැන්ඩේජ් රෝල නෑ. ප්ලාස්ටර් එක නෑ. සේලයින් කුප්පි නෑ. ඉන්සියුලින් නෑ. කිසිම අත්‍යවශ්‍ය ඖෂධයක් නෑ. නෑ විතරක් නෙවෙයි මේ ගොල්ලෝ හොර කොමිස් ක්‍රමයට ගෙනාපු බෙහෙත් වලින් මිනිස්සු මැරෙනවා.
පුවත් පත් වල පල වෙනවා රෝහලට යන්නේ බලාගෙනයි කියලා. ඉස්පිරිතාලෙට යන්නේ මිනිහෙක් ජීවිතේ රැක ගන්න.
නිර්වින්දන ඖෂධ ගැහුවට පස්සේ ගැබිනි මවුවරු මැරෙනවා. මිනිස්සුන්ගේ ජීවිත මෙතරම් ව්‍යසනයට ඇදලා දාලා පාලකයොන්ට පුලුවන්ද ජනතාව ඉස්සරහා කතා කරන්න.
ගිය මාස වලත් සමහර බැදුම්කර දැම්මා ගිය මාසේ පොලිය 30% යි. එතකොට අර්ථසාධක අරමුදල ගත්ත බැදුම්කර වල 30% පොලිය කැපුවා 9%ට.
නමුත් අර උන්නැහැලට මේ රටේ ආර්ථිකේ මුදල් සම්ප්‍රෙශනය හරහා කොල්ල කන ආර්ථිකේට විදින ධනකුවේර සමාගම් වලට ඒගොල්ලන්ට පොලිය අඩු කරේ නෑ.
අපි අහන්නේ පලවෙනි ප්රශ්නය බැංකු බේර ගන්න බැංකු වලට කැපුවේ නෑ කියන එක හරි.
අපි හිතමුකෝ සාධාරණ කාරණයක් එතන තියෙනවා කියලා. අපි අහන්නේ ඇයි ඕගොල්ලෝ මේක නිදහස් කරේ? අපි මහ බැංකු අධිපතිවරයට කියනවා අපි ලබන සතියේ ඔයාව හම්බවෙන්න එනවා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලෑස්ති වෙන්න. එතකොට මේක මුලුමනින්ම අර්ථසාධක අරමුදල පිටින් ඇරියා. මේක කම්කරු පන්තිය පිටින් ඇරියා.
අර්ජුන මහේන්ද්රලා වගේ උන්ට අබමල් මිටක හානියක් වෙන්නේ නැතුව හුලන් පොදක්වත් වදින්නේ නැතුව තමයි මේ ගණුදෙණුව වෙන්නේ. අපි අහනවා මේක සාධාරණද? මේගොල්ලෝ කියනවා මේකට 9%ක් පොලිය තියනවා, ඒ නිසා ගිණුමට මුකුත් වෙන්නෑ, ගිණුම තව දුරටත් තියෙනවා,
කාගෙවත් ගිණුම කප්පාදු කරන්නෑ. පට්ටපල් බොරුවක්. ඇයි? ගිණුමට දැනට තියෙන පොලී ප්‍රතිශත වලට අනුව මේ පොලී කප්පාදුව නොවුනා නම් 2038 වනකොට ඒ කියන්නේ තව අවුරුදු 15කින් මේ ගිණුමේ තියෙන සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 25000 දක්වා වැඩි වෙනවා.
දැන් තියෙන්නේ මේ අරමුදලේ බිලියන 3400යි. මේ 3400 මුදල 25000 දක්වා වැඩි වෙනවා දෙන්න තිබිච්ච පොලිය දීගෙන ගියා නම්. දැන් ඒ පොලිය නවත්තලා 12% යි 9% යි කියන අනුපාත දෙකට තමයි පොලිය දෙන්න හදන්නේ. ඒ පොලිය දීම නිසා මේ අමුදලෙන් හරියටම බිලියන 12ක් කප්පාදු වෙනවා. හරියටම ගත්තොත් අරමුදලෙන් භාගයක් කප්පාදු වෙනවා.''