Skip to content

තියුණු සටනකින් සිංහයින් ආසියානු කුසලානයේ අවසන් මහසටනට යයි.

තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (15) සමත්විය.

ඒ අනුව එළඹෙන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලානයේ වෙනුවෙන් සටන් වදිනු ඇත.

පකිස්තානය සමග පැවති තරඟයේදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්වූ අතර පන්දු 87ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

මෙන්ඩිස්ට අගනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළේය.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතව ජයග්‍රහණය කරා රැගෙන යාමට චරිත් අසලංක සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට සඳහා වූ ඉලක්කයද පන්දුවාර 42කදී ලකුණු 252ක් දක්වා අඩුකෙරුණි.

තරඟයේ අවසන් පන්දුව වන තෙක්ම තරඟය කණ්ඩායම් දෙකටම අවිනිශ්චිතවූ අතර අවසන් පන්දුවට ලකුණු දෙක් අවශ්‍යව තිබූ මොහොතේ චරිත් අසලංක ලකුණු දෙකක් ලබාගනිමින් ශ්‍රීලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ විශාල ප්‍රේක්ෂකයින් පිරිසකගේ බලාපොරොත්තු නංවමිනි.

Latest