මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසු සිසුවියන්ගේ පැමිණීමේ ප්‍රතිශතය මෙම වර්ශයට පමණක් 40% ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කලේය.
පසුගියදා (ජූලි 20) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධව විශේෂ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
"2023.07.17 දිනට යොමු කරන ලද ලිපියට අනුව පාසැල් අයදුම්කරුවන් පාසැල තුලින් අයදුම් කිරීම සඳහා පැමිණීම 80%ක ප්‍රතිශතයක තිබිය යුතු වුනා. නමුත් පසුගිය 2020 - 2021 වර්ශ වල රටේ පැවති කොවිඩ් 19 තත්ත්වයත් ඉන්පසු වර්ශයේ රටේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයත් මත සමහර දරුවන්ට පාසැල් යන්න බැරිවුනා. එනිසා මෙම කරුණු සලකා බලා අපි නැවත ලිපියක් නිකුත් කලා සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පැමිණීම සම්භන්ධව පාසැල මට්ටමෙන් තීරණ ලබා ගන්නා ලෙස. 2023 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පැමිණීමේ ප්‍රතිශත මෙම වර්ෂයට පමණක් සීමාවෙන ආකාරයට අවම මට්ටම 40%ක් ලෙස සලකා කටයුතු කිරීමට ."