Skip to content

අවසන් ගමන් යන Google Podcasts

එළැඹෙන වසරේ සිට Google podcasts සේවාව නවත්වා දැමීමට Google ආයතනය තීරණය කොට තිබෙනවා. ඒ 2024 වර්ෂයේදී podcast වෙත සවන්දීමේ හැකියාව YouTube Music හරහා ලබාදීමේ අපේක්ෂාවෙනි.

පසුගිය අප්‍රේල් මාසයේදී කිසිදු ගෙවීමකින් තොරව YouTube Music හරහා podcasts වෙත සවන්දීමේ හැකියාව ඇමරිකානු පරිශීලකයින්ට ලබාදුන්නේ video සහ audio ආකාර අතර හුවමාරු වෙමින්, පසුබිමින් සවන් දීමේ හැකියාවද ඇතුවයි. එහි දිගුවක් ලෙස ගෝලීය වශයෙන් මෙය ව්‍යාප්ත කිරීමට Google ආයතනය සූදානම් වනවා.

Youtube වෙතින් podcast වලට තැනක්
Youtube Music යනු Youtube හා ඒකාබද්ධව යන සංගීතය සදහා විශේෂ වූ අවකාශයකි. මේ හරහා podcasts සදහා සවන්දීමට හැකි වන පරිදි යාවත්කාලීන කිරීමක් සිදුවනු ඇතැයි Youtube විසින් දැනු

Android, iOS, macOS, Windows මෙන්ම web ආකාරයෙන්ද Google podcast සේවාව ලබාගැනීමට පරිශීලකයින්ට හැකිවිය. Android වෙත 2018 දීද iOS වෙත 2020 වර්ෂයේදීද මෙම සේවාව හදුන්වාදෙනු ලැබුවා.

Google Podcasts in 2018

Google Podcasts සිට YouTube වෙත සිදුකරන ආගමනයේදි ඒ සදහා උපකාරයක් ලෙස සංක්‍රමණ මෙවලමක් (migration tool) ලබාදීමට Google සැලසුම් යොදා තිබෙනවා. එමෙන්ම podcasts හි වූ RSS Feeds, YouTube Music library වෙත එක්කිරීමටද හැකියාව ඇත. Google Podcasts සිට YouTube Music වෙත හුවමාරු වීමට අකමැති අයවලුන් සදහා තම පොඩ්කාස්ටුවේ ඇති subscriptions සියල්ලම වෙනත් අවකාශයක් වෙත රැගෙන යා හැකි පරිදි OPML ෆයිලයක් බාගත කිරීමටද හැකියාව ලබාදෙන බවට google නිවේදනය කරනවා.

මෙම උත්සාහය, නිර්මාණකරුවන් සහ කලාකරුවන් ලාභ ලබන, ප්‍රේක්ෂකයින්ට හොද podcast අත්දැකීමක් ලබා දිය හැකි එක් ගමනාන්තයක් තැනීම සදහා වන බව YouTube blog පිටුවේ සදහන්.

Latest