යාපනය දූපත් අතර මගීන් ප්‍රවාහනයේදී විශේෂ ප්‍රවාහන සේවාවක් වූ කුමුදිනී මගී යාත්‍රා ප්‍රවාහන සේවයේ කුමුදිනි යාත්‍රාව පිළිසකර කිරීමෙන් පසුව පළමු පරික්ෂණ ගමන්වාරය මාර්ග සංවර්ධන අධිකාරියේ සහ වාස්තු විද්‍යා අංශයේ නිලදාරීන් ඇතුලු මගීන් පිරිසක් සමගින් සිදුවිය.
යාපනය කූරිකඩ්ඩුවාන ජැටියේ සිට ඩෙල්ෆ්, නෙඩුන්තීව් දූපත් අතර මෙම කුමුදිනී මගී ප්‍රවාහන සේවය වඩාත් ප්‍රසිද්දියට පත්වූ බොට්ටු සේවයක් වන අතර මෙහි පූර්ණ මෙහෙයුම් සහ නඩත්තු මාර්ග සංවර්ධන අධිකාරයි මගින් සිදුකරනු ලැබීය.




කෙසේ වෙතත් ඒම යාත්‍රාවේ ඇති වූ දෝෂයන් සහ අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් කුමුදිනී මගී සේවය මාස කිහිපයක්ම නොමැතිවීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවන්ට පත්වෙමින් යාපනයේ දූපත් අතර ප්‍රවාහන කටයුතු වලට දැඩි බාධා ඒල්ලවිය.
කෙසේ වෙතත් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කුමුදිනි මගී යාත්‍රාව රුපියල් ලක්ෂ 70 ක පමණ වියදමින් නැවත පිලිසකර කොට මගී ප්‍රවාහනය සඳහා පසුගියදා සූදානම් කිරීමට මාර්ග සංවාර්ධන අධිකාරිය විසින් පියවර ගැනීමත් සමග නැවතත් කුමුදිනි මගී සේවාව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට දැනුම් දෙනු ලැබීය.




මෙම කුමුදිනි මගී යාත්‍රාව මගින් ඒක් ගමන්වාරයකට මගීන් 85 දෙනෙකු මෙන්ම කිලෝග්‍රෑම් 4000ක බරක් රැගෙන යාමට හැකියාවක් ඇත.
පළමුව පරික්ෂණ ගමන්වාරය ඊයේ (18) දින වැල්වැටිතුරෙයි මුහුදු සීමාවේදී ආරම්භ වූ අතර ඒහි පරික්ෂණ ප්‍රථිඵල ඉදිරි දිනකිහිපය තුලදී ලබාදීමෙන් අනතුරුව කඩිනමින් යාපනය දූපත් අතර කුමුදිනි මගී ප්‍රවාහන සේවය ආරම්බ කරන බවටද යාපනය මාර්ගසංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසීය.


