කොසිරෙව් කැඩපත ඉදිකරන ලද විගසම, එම ගොඩනැගිල්ල සහ අවට නගරය පුරා අමුතු සිදුවීම් සිදු වීමට පටන් ගත්තේය. සෑම දෙයක්ම ආචාර්ය ට්රොෆිමොව් සහ ආචාර්ය කස්නචේව් විසින් රචිත Cosmic Consciousness Of Humanity නම් වූ ග්‍රන්ථයේ ලේඛනගත කර ඇත. එම ග්‍රන්ථයේ පරීක්ෂණයට මුහුණ දුන් මිනිසුන් සමඟ අධ්‍යයනය අතරතුර සිදු කෙරූ සම්මුඛ සාකච්ඡා, පටිගත කිරීම් පිටපත් සහ සෑම දෙයකම නිදර්ශන ඇතුළත් වේ. Consciousness Of Humanity ග්‍රන්ථය ලබා ගැනීමට මෙම ලින්ක් එකට යන්න.

කැඩපත සක්‍රිය කර වූ වහාම වූ පර්යේෂකයන්ගේ අවධානයට ලක්වූයේ උපකරණය වටා දැඩි භීතියක් පවතින බවයි.
"1990 දෙසැම්බර් 24, ටේප් වන්; ඇතුළු වූ විට, අපට යම් ආකාරයක චිත්තවේගීය පීඩනයක් දැනුණත්, අපි එය ගණන් නොගන ඉදිරියට ගියා. අපට කැඩපත තුල හිටගෙන ඉන්න බැරි වුණා. භීතිය එතරම් ප්‍රබලයි, පැහැදිලි කරන්න බැරි භීෂණයක් වගේ. ඒ භීතිය ඔබට ස්පර්ශ කළ හැකි සැබෑ දෙයක් ලෙස පෙනුනා. අපි කාටවත් මීට කලින් එහෙම හැගීමක් ඇති වෙලා තිබ්බෙ නෑ."
මෙම සහජ බිය පිළිබඳ හැඟීම ඇතැමුන් විස්තර කළේ ඔබට ස්පර්ශ කළ හැකි භෞතික දෙයක් ලෙසය.
"මට අප්‍රසන්න හැඟීමක් ඇති වුනා. මට සීතලක් සහ කරකැවිල්ලක් දැනුනා. මගේ දෑත් වෙව්ලමින් මගේ හිස බර වුනා. කාමරයේ තිබ්බා වාතය පවා අමුතු එකක් වගේ පෙනුනා. ඒ බය ඉතා ශක්තිමත්, එය ද්‍රව්‍යයක් (Substance) වගේ දැනුනා. ඒක කොසිරෙව් අවකාශයෙන් ඇවිදින් කාමරය පුරා සම්පූර්ණයෙන් පිරී ගියා"
අත්හදා බැලීමේ ආරම්භයේදී කිසිවෙකු කැඩපත අසලට යාමට කැමති නොවීය.
"අපි දොර ඇරපු ගමන් අපි බය වුනා. එය සීතල වතුර ඇගේ ගෑවුනා වගේ හැගීමක් මට දුන්නා. අපි කණ්ණාඩියට ළං වූ විට මාව වෙව්ලන්න ගත්තා. මගේ හිස බර වෙනවා මට දැනුණා. මම ළං වන විට, බිය කෙතරම් ශක්තිමත්ද වුනාද කිව්වොත්, මට පැනලා යන්න හිතුණා."
බලගතු බලශක්ති කදම්භ පිපිරීම් (Burst Of Energy) හදිසියේම උපාංගයට ඉහළින් දිස් විය. එම පර්යේෂකයන් ඒවා ප්ලාස්මෝයිඩ් (Plasmoids) ලෙස හැඳින්වූ අතර විස්තර කර ඇති ආකාරය අනුව අකුණු බෝල වැනිය. පරික්ෂණාගරය තිබූ ගොඩනැගිල්ලෙන් පිටත අහසේ විවිධ වස්තූන් පෙනෙන්නට පටන් ගත් අතර ඒවා විද්‍යාගාරයේ වැඩ කරන අය මෙන්ම නගරයේ පදිංචිකරුවන් විසින්ද දැක ඇත.
"උදේ 8 30 ට ලැබ් එකට එනකොට මම දැක්කා ගොඩනැගිල්ලට ඉහළින් රතුපාට රවුමක් දිලිසෙනවා. ඒක විනාඩියක් විතර එතන තිබිලා ඊට පස්සේ නැති වුනා."
"5.10 ට මම දැක්කා UFO එකක් උතුරු ප්‍රදේශයේ ඉදන් පියාසර කරනවා. එම වස්තුවට රතු සුදු ආලෝකය විහිදුවන ඉලිප්සයක ස්වරූපයක් තිබුණා. වස්තුවෙන් පිටතට එන ආලෝක කිරණ ආවේ හරියට මොනවා හරි හොයනවා වගේ. UFO එක විනාඩි හතරක් පමණ පෙනුණ අතර පසුව ආලෝකය නිවී ගිහින් එය නැති වුනා."
"හදිසියේම මට දැනුණේ මාව යම් විදිහකට මෝහනය වෙලා වගේ. ඒ හැඟීම වැඩි වේලා පැවතුනේ නැහැ. මම දැක්කා අඳුරු අහසේ දිලිසෙමින් ඉන්න සෙනසුරු වගේ සුදු පාට දිලිසෙන වස්තුවක්."
UFOs යාන හතක් එම ප්‍රදේශය පුරා මාස ගණනාවක් දක්නට ලැබී ඇත. අවසානයේ අධ්‍යයනයට සහභාගී වූ ධෛර්යමත් සහභාගිවන්නන් කිහිප දෙනෙකු කොසිරෙව් කැඩපත ඇතුළු වීමට තීරණය කෙරූ අතර ධෛර්යයක් ඇති වූ අතර ඉන්පසුව ඊටත් වඩා අමුතු සිදුවීම් ආරම්භ විය.
පළමු අත්හදා බැලීම මෙසේ ක්‍රියාත්මක විය. ක්‍රියාකරු ඩික්සන් හි රසායනාගාරයේ ඇති කොසිරෙවෙ කණ්ණාඩි ඇතුළත වාඩි වී සිටියේය. තවත් පුද්ගලයෙක් ඊට සැතපුම් 1400ක් දුරින් ඇති නොවොසිබිර්ස්ක් නගරයේ නිවසක් ඇතුළත ඇති තවත් කැඩපතක වාඩි වී සිටියේය. ඉන්පසුව ක්‍රියාකරුට සංකේතයක් වෙත අවධානය යොමු කර එය නොවොසිබිර්ස්ක් හි ග්‍රාහකයාට මනසින් යවන ලෙස කියූ අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵල පුදුම සහගත විය.
පෘථිවියේ චුම්බක ගෝලය (Magnetosphere) නිශ්ශබ්දව පැවති දිනවල පරීක්ෂණයේ සාර්ථකත්වයේ අනුපාතය 0% සහ 10% අතර වූ නමුත් සූර්ය කුණාටු (Solar Storms) ඇති දිනවලදී මෙන් චුම්බක ගෝලය සක්‍රීය වූ විට ක්‍රියාකරු විසින් යවන ලද රූපය ග්‍රාහකයා විසින් 30% ත් 45% ත් අතර කාලයකදී සාර්ථකව හඳුනා ගෙන ඇත. මිනිස් විඥානය කෙසේ හෝ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට සම්බන්ධ වූවාක් මෙන් පෙනුණි. මෙය නිකොලායි කොසිරෙව්ගේ සූර්ය ලප සහ සූර්ය කාළගුණ වලදී ආතති තරංග වලට විශාල බලපෑමක් එල්ල කරයි යන න්‍යාය සමඟ සම්පූර්ණයෙන් සමපාත වේ. මෙම තරංග කාලගුණ රටාවේ සිට මානව විඥානය දක්වා පෘථිවියේ ඇති බොහෝ ක්‍රියාවලීන්ට බලපෑම් කරයි.
එබැවින් තවත් අත්හදා බැලීමක් සිදු කරන ලදී. මෙම අවස්ථාවේ නගර දෙකක ඇති කොසිරෙව් කැඩපත් දෙකක වාඩි වී සිටින ක්‍රියාකරුවන් දෙදෙනෙකු පෘථිවි චුම්භක ගෝලයට රූප යැවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඉන්පසුව ලෝකය රටවල් 12 ක සිටි සහභාගීවන්නන් 5000 ක් මෙම ශක්තියට සුසර කර යවන සංකේතය බැලීමට උත්සාහ කර ඇත.
චුම්බක ගෝලය සක්‍රීය වූ විට සාර්ථකත්වයේ අනුපාතය 95% දක්වා ඉහළ ගියේය. මෙය අත්හදා බැලීමේ යෙදුන විද්‍යාඥයින් පමණක් නොව ඔවුන් ගැන හොඳින් නිරීක්ෂණය කරමින් සිටි CIA සංවිධානයද කම්පනයට පත් කළේය. ආධ්‍යාත්මික සහ ශාමනික් (Shamanic) පවුල් වල දරුවන් මේ සඳහා ඉතා දක්ෂ බව ඔවුන් අවබෝධ කරගත්තේය. එක් පරීක්ෂණයකදී කැඩපත් ක්‍රියාකරු රූපයක් ගැන සිතනවා වෙනුවට අංකයක් ගැන සිතූ අතර ළමයින්ට එම අංකය ලබා ගැනීමට හැකි විය.
ඉදිරි මාස කිහිපය තුළ ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට ඉදිරිපත් වූවන් කොසිරෙව් කැඩපත තුළ දිගු කාලයක් ඉවසා සිටීමට ඉගෙන ගත්හ. සමහර අය පැය හතක් හෝ ඊට වැඩි කාලයක් එහි රැඳී සිටියහ.
"කොසිරෙව් අවකාශය තුළ ඉන්නකොට, මුලදී මගේ ඇඟ එහෙට මෙහෙට වෙව්ලනවා මට දැනුණා. මගේ ඔළුව වටේටම පීඩනයක් එනවා මට දැනුනා. පස්සේ මේ හැඟීම නැති වෙලා ගියා. ඊට පස්සේ මට හරිම සැහැල්ලුවක් දැනුනා. හරියට මම මගෙන් එලියට එනවා වගේ."
ඔවුන් කණ්ණාඩිය තුළ සිටින විට එය කොසිරෙව් අවකාශය ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. කොසිරෙව් අවකාශයේ හි සිටින විට, අභ්‍යවකාශයට සහභාගිවන්නන්ට එකම දෙය දැනීම සහ දැකීම සිදු විය.
"මුලින්ම මගේ හිස බර වෙනවා වගේ දැනුණා. ටිකක් වෙව්ලමින් තිබිලා එය නැති වුනා. මගේ ඇස්වල මිනිසුන්ගේ මුහුණු දිලිසෙනවා මම දැක්කා. එතකොටම මම කළු වලාකුළු දැක්කා. මට දැනුනේ හරියට මාව කළු කුහරයක් හරහා වැටුණා වගේ."
සෑම කෙනෙකුටම වාගේ ඔවුන්ගේ බර අඩු වී ඔවුන් පියාසර කරන බවක් වැනි හැගීමක් දැනීම සිදු වී ඇත.
"මට තරංගයක් මගේ ඔළුව උඩින් එනවා වගේ දැනුණා. ඒ වගේම කාමරයේ වෙනත් කෙනෙකු සිටින බවක් දැනුණා. ඊට පස්සේ පින්තූර මාලාවක් පේන්න ගත්තා."
ආචාර්ය ට්රොෆිමොව් සහ ආචාර්ය කස්නචේව් විසින් රචිත ග්‍රන්ථයේ මෙවැනි පොදු අත්දැකීම් සටහනක් ඇතුළත් වේ. සහභාගී වූවන්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයකට දැනුණේ තමන් පියාසර කරනවාක් මෙනි. ඔවුන් වැඩිපුරම දුටුවේ පිටතින් අවකාශය (Outer Space), ආකාශ වස්තූන් සහ UFO වේ. දිගු සැසිවලදී තවත් අමුතු සංසිද්ධියක් පොදු විය.

'දෘශ්‍යකරණය සහ සංකේතවල ප්‍රකාශනය (Visualization And Manifestation Of Symbols)'
මිනිසුන් වාතයේ සැරිසරන සංකේත දැකීමට පටන් ගත්හ. ඒවා කාමරය වටා පාවෙමින් කැරකෙමින් තිබූ සංකේත ලෙස විස්තර කර ඇත. සෑම සංකේතයක්ම නියොන් වැනි අද්භූත දීප්තියක් නිකුත් කරන අතර ඒවා ඔවුන්ගේ ඇස් වලින් නොව මනසින් දැක ඇත. කාමරය පුරා එම සංකේත දිස් විය. ඊටත් වඩා පුදුම දෙය වන්නේ සම්පුර්ණයෙන්ම එකිනෙකාගෙන් හුදකලා වූ මිනිසුන් දෙදෙනෙකු එකම සංකේත දැකීමය. එකිනෙකට වෙනස් සංකේත දෙදහසක් පමණ වාර්තා විය. වාග් විද්‍යාඥයෙක් ඒවා ගැන පර්යේෂණ කළ අතර ඒවාගෙන් 80% ක් පුරාණ සංස්කෘතීන්ගෙන් පැමිණි සංකේත බව සොයා ගන්නා ලදී. ඇත්ත වශයෙන්ම වඩාත්ම නිරන්තර පෙන්වූ සංකේත පැරණි සුමේරියානු භාෂාවෙන් විය. සුමේරියානු ශිෂ්ටාචාරය ගැන වැඩිපුර කියවන්න මෙම ලිපියට යන්න.

මෙම අත්හදා බැලීම් මාස ගණනාවක් අඛණ්ඩව සිදු වූ අතර ඒවා ඔවුන් තබා සිටි සියලු අපේක්ෂා මට්ටම් ඉක්මවා ගියේය. කොසිරෙව් අවකාශය අත්විඳින ලද අධ්‍යයනයට සහභාගී වූවන් අවබෝධ කර ගත්තේ කැඩපත හැර ගිය පසුත් එහි බලපෑම දිගු කලක් පවතින බවයි. ඔවුන් හට වඩා ඉක්මනින් සිතීමට සජ IQ පරීක්ෂණවලින් ඉහළ ලකුණු ලබා ගැනීමට හැකි විය. ඔවුන්ගේ මතක ධාරිතාව වැඩි විය. ඔවුන් වඩාත් නිර්මාණශීලී විය. සමහර අයට තිබූ රෝග පවා සම්පූර්ණයෙන්ම සුව වී තිබුණි. ආචාර්ය ට්රොෆිමොව් සහ ආචාර්ය කස්නචේව් විශ්වාස කළේ මෙම තාක්‍ෂණය ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව හැසිරවීමට හැකි නම් මෙය මානව විඥානය උසස් කළ හැකි ඉදිරි ගමනක් බවය.
අධිමානුෂික හැකියාවන් සක්‍රීය කිරීමට කොසිරෙව් කැඩපත භාවිතා කිරීම අනතුරුදායක විය හැකි බව විද්‍යාඥයන් ඉතා හොඳින් දැන සිටියහ. CIA සංවිධානයද එම භීතිය බෙදා ගත්තේය. ඔවුන් කනස්සල්ලට පත් වූ තවත් ප්‍රශ්නයක් තිබුණි. මිනිසුන් කොසිරෙව් අවකාශයේ සිටින විට ඇත්ත වශයෙන්ම ඔවුන් තනිව සිටියේ නැති බව පෙනී යයි. මිනිසුන් කොසිරෙව් අවකාශය තුළ වැඩි කාලයක් ගත කරන තරමට ඔවුන් සියල්ලන්ටම තමා තනිව නොසිටින බව ඔවුන්ට වැටහුණි. මිනිසුන් 75% UFO දුටු අතර මිනිසුන් 70% අභ්‍යවකාශ ගොඩනැගිලි (Extraterrestrial Buildings) දුටුවේය. මිනිසුන් 68% කට බුද්ධිමත් ජීවීන් (Intelligent Entities) කොසිරෙව් අවකාශය තුළ සිටින බව දැනුණි. ඔවුන් මෙම ජීවින් "නිරීක්ෂකයින් (Observers)" ලෙස හැඳින්වීමට පටන් ගත්හ.
"මට යම් ආකාරයක අපහසුතාවයක් දැනුණා. පස්සේ එය බයක් බවට පත් වුනා. මගේ බෙල්ලේ මොකක් හරි සීතලක් තියෙනවා වගේ මට දැනුණා. කවුරුහරි බලාගෙන හිටියා වගේ හැඟීමක් මට ඇති වුනා. ඒ නිසා මම මගේ ඇස් අරින්න බය වුණා."
මෙම නිරීක්ෂකයාට කොසිරෙව් අවකාශය තුළ සිටින පුද්ගලයින් සමඟ භෞතිකව අන්තර්ක්‍රියා කළ හැකිය.
"මම ඇස් පියාගත්තා. මට නිදාගන්න ඕන, ඒත් එකපාරටම කවුරුහරි මගේ අත අල්ලනවා මට දැනුනා. මගේ ශරීරය බයෙන් වෙව්ලන්න පටන් ගත්තා."
මානවරූපී (Humanoid) නමුත් මිනිසුන් නොවන දෙයක් ලෙස නිරීක්ෂකයින් පිළිබඳ නිරන්තරයෙන් විස්තර කරනු ලැබුවේය. ඒවා ආලෝකයෙන් සෑදූ මෙන් ඉතා දීප්තිමත් දෙයක් විය. කිසිවෙකුට ඔවුන්ගේ ශරීර ලක්ෂණයක් පැවසීමට නොහැකි විය.
"කොසිරෙව් අවකාශයේ ඉන්නකොට මුලදී මට කිසිම දෙයක් දැනුණේ නැහැ. ඒත් විනාඩි කිහිපයකට පස්සේ මම මිනිස් හැඩයක් දැක්කා. ඒක සම්පූර්ණයෙන්ම සුදු පාටයි. තත්පර 30 කින් ඒක අතුරුදහන් වුනා."
අවස්ථා කිහිපයකදී නිරීක්ෂකයෙකු සැබවින්ම සන්නිවේදනය කර ඇත.
"මට හිස කැක්කුමක් දැනුණා. එතකොටම යමක් මගේ ඉස්සරහා දිස්වුණා. එයා මගෙන් ඇහුවා කවුද ඔයත් එක්ක ඉන්නේ කියලා. මම ඔහු විද්‍යාඥයෙකු බව කිව්වා. මම එයාගෙන් ඇහුවා ඔබ කවුදැයි කියලා. ඒත් එයා පිළිතුරක් දුන්නේ නැහැ."
"මම දිලිසෙන ආලෝකයක් දැක්කා. මම මගෙන් මොනවද අහන හඬක් ඇහුණා. ඒක ඇහුවේ ඔබට අවශ්‍ය කුමක්ද? කියලා. මම කිව්වා මට ඔබව හමුවීමට අවශ්‍යයි කියලා. මට ඒ හඩ දුන්න උත්තරයේ එක වචනයක් විතරයි ඇහුණේ. 'පිට වෙන්න (Leave)'."
බොහෝ සහභාගිවන්නන් හට නිරීක්ෂකයින් සමඟ සන්නිවේදනය කිරීම අමිහිරි අත්දැකීමක් වී ඇත.
"මම බිත්තරයක් වගේ ආලෝකයක් දැක්කා. එම ආලෝකය මට කිව්වා උඩට එන්න කියලා. මම කිව්වා 'මට අවශ්‍ය නැහැ, මම ඔබට බයයි'. ඊට පස්සේ ඒක ගියා."
"මගේ ඔලුව සෙමෙන් කැරකෙනවා මට දැනුණා. එකවරම ආලෝකයක් දැල්වණා. මම ඇහුවා කවුද ඉන්නේ කියලා. පිළිතුර වුනේ: මට මුහුණක් නැත. මම කිසිවක් නොවන අතර මම සියල්ල වේ(I Have No Face, I Am Nothing And Everything). එතකොට මම ඇස් දෙකක් දැක්කා. ඒ ඇස් වල කරුණාවන්ත පෙනුමක් නම් තිබ්බේ නැහැ."
මිනිසුන් කිහිප දෙනෙක් අහසේ තිබූ UFO වලට වඩා වැඩි යමක් දැක ඇත. ඔවුන් දැක ඇත්තේ UFO එක ඇතුළත සිටින ආකාරයයි.
"මම දැක්කා මට UFO එකට යන්න පුලුවන් පාරක් පෙන්නපු ආලෝකයක්. එය කළු අර්ධගෝලයක් (Black Hemisphere). මම දොරවල් කිහිපයක් දැක්කා. මම එක දොරක් විවර කළා. මම දැක්කා ජීවීන් කොට්ඨාසයක් මිනිස් පෙනුමක් තියෙන, ඒත් ඔවුන් ඉතා කුඩා ප්‍රමාණයේ ජීවින්. ඔවුන් කරන්නේ කුමක්දැයි මම ඔවුන්ගෙන් ඇසුවා. ඔවුන් කිව්වේ මනුෂ්‍යා දෙස ඔවුන් බලා සිටිනවා කියලා. මම ඔවුන්ගෙන් ඇහුවා ඔවුන් ආවේ කොහෙන්ද කියලා. ඔවුන් කිව්වේ ඔවුන් විශාල තරුවකින් පැමිණි බවයි."
එක් නිරීක්ෂකයෙකුට පෘථිවිය පිළිබඳ භයානක අනාවැකියක් තිබුණි.
"මගේ ශරීරය ලිහිල් හා සැහැල්ලු වුනා. මම ඇස් පියාගත් වහාම මම ඉහළින් පියාසර කරන වස්තුවක් දැක්කා. එතකොට මම හිටියේ කලින් දැකලා නැති කාමරයක. කවුරුහරි කෙනෙක් කාමරයේ මැද සිටගෙන හිටියා. මට ඔහුගේ මුහුණ හරියට පෙනුනේ නැහැ. ඔහු සෙමින් කතා කරන්න පටන් ගත්තා: 'ඔබේ ග්‍රහලෝකය අනතුරේ. එය දුක් විඳිනවා. ඔබ ඕනෑවට වඩා මේ කණ්නාඩි වල සිට ඇත. ඒක නරකයි.' එවිට ඔහු කිව්වා ඉස්සරහට පෘථිවිය භයානක විපතක් වෙන්නන් තියෙනව කියලා. මම ඔහුගෙන් ඇහුවා කවදාද කියලා. ඔහු උත්තරයක් දුන්නේ නෑ."
මෙම නිරීක්ෂකයා සැබැවින්ම අනාගතයේ ඇති වන ව්‍යසනය සැබවින්ම දුටුවාද එහෙමත් නැත් නම් අප සිටින්නේ ව්‍යසනයකට යන මාවතක යැයි කීවාද යන්න පැහැදිලි නැත. සහභාගී වූවන්ගෙන් 40% කට වඩා වැඩි පිරිසක් කාල තරණය අත්විඳ ඇත. ඒවායින් බොහොමයක් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා වල අත්දැකීම්ය. සමහරු තමන්ගේ ජීවිතය චිත්‍රපටියක් බලනවා මෙන් දැක ඇත. අනෙක් අයට තමන්ගේ අතීත ජීවිත සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ ඒවාට සහභාගී වීමට හැකි විය. ඒවගේම ගොඩක් ඓතිහාසික සිදුවීම් නිරීක්ෂණය කර ඇත. එක් කාන්තාවක් ගෙන්ගිස් කාන්ගේ උපදේශකයෙකු ලෙස සේවය කරනවා දැක ඇත. තවත් කෙනෙකුට ඔහුගේ විඥානය මධ්‍යකාලීන යුගයේ ජීවත් වූ පුද්ගලයෙකුගේ ශරීරයට මාරු වන බව දැනී ඇත. තවත් අයෙකු එසේ රෝම අධිරාජ්‍යය කාලයේ සිටි පුද්ගලයෙකුගේ ශරීරය ඇතුළත් වී ඇත.

මතක තබා ගන්න, නිකොලයි කොසිරෙව් කාලය යනු ශක්තියක් බව විශ්වාස කළ අතර කාල ශක්තිය භෞතික ලෝකයේ එක් තැනක, එක් කාලයක සිට භෞතික ලෝකයේ තවත් තැනකට, තවත් කාලයකට තොරතුරු රැගෙන යා හැකි බව ඔහු විශ්වාස කළේය.
මෙම සියලු පර්යේෂණ ලේඛනගත කර ඇති අතර එය පහත දක්වා ඇත.
මෙය ඉතා හොඳින් ආවරණය කළ රුසියානු වාර්තා චිත්‍රපටයකට ද ඇත.
ආචාර්ය ට්රොෆිමොව් සහ ආචාර්ය කස්නචේව් කොසිරෙව් කැඩපත සමඟ ඔවුන්ගේ පරීක්ෂණය වසර ගණනාවක් දිගටම කරගෙන ගිය අතර ඔවුන්ගේ වැඩ කටයුතු සහ ඇදහිය නොහැකි තරම් සාර්ථකත්වයක් අත්කර ගත්තේය. සෝවියට් දේශයේ සහාය තිබියදීත් ප්‍රධාන ධාරාවේ විද්‍යා සඟරා මෙම කෘතිය ප්‍රකාශයට පත් කරේ නැත. බටහිර පර්යේෂණ විසින් කොසිරෙව් කැඩපත සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත.
'CIA සංවිධානය හැර'

පසුගිය වසර කිහිපයේදී CIA සංවිධානය විසින් මෙම පර්යේෂණය ඉතා සමීපව අනුගමනය කළ බව පෙන්වන ලේඛන කිහිපයක් නිකුත් කර ඇත. ඔවුන් කොසිරෙව් කැඩපත පිළිබඳ ඔවුන්ගේම පර්යේෂණ සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එම ලේඛන අතරින් කොසිරෙව් කැඩපත පිළිබඳ දත්ත සමුදාය සහ මෙම තාක්ෂණයට අගුළු ඇරීමට ඇති හැකියාව මානව මානසික හැකියාවන් අගුළු හැරීමට ඇති හැකියාව සහ මානව විඥානය අවදි විම පිළිබඳ සදහන් වන ලේඛනයක් ඇත. නමුත් තොරතුරු ඉල්ලීමේ නිදහස තිබියදීත් එම ලේඛනය රහසිගත ලෙස වර්ගීකරණය කර ඇත.
90 දශකයේ සයිබීරියාවේදී කොසිරෙව් කැඩපත භාවිතයෙන් සිදු කරන ලද පර්යේෂණ විශ්මයජනක වේ.
නමුත් වේ ඒක ඇත්තද?
ඇත්ත වශයෙන්ම එය බැහැර කිරීමට අපහසු කතාවකි. එක් අතකින් ප්‍රධාන ධාරාවේ විද්‍යාව මේ කිසිවක් බැරෑරුම් ලෙස සලකන්නේ නැත. අනෙක් අතට ලෝකයේ ප්‍රධාන බුද්ධි අංශ එය වැදගත් දෙයක් ලෙස සලකයි.
ආචාර්ය ට්රොෆිමොව් සහ ආචාර්ය කස්නචේව් ඔවුන්ගේ පර්යේෂණයේ සාර්ථකත්වය පිළිබද විස්තර රාශියක් ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුන් බොහෝ සම්මුඛ සාකච්ඡා ලබා දී ඇත. ඔවුන් මේ සියල්ල සිදු වූ බව පවසන අතර ඔවුන් බොරු නොකියන බව පෙනේ.
ඇයි බොරු කියන්නේ?
ඔවුන්ගේ මුල් පර්යේෂණ වලට සෝවියට් රජය විසින් අරමුදල් සපයන ලද බව මතක තබා ගන්න. එම සෝවියට් රජයට බොරු කීම නුවණට හුරු නැත.
නමුත් නම් ඔවුන්ගේ තාක්‍ෂණය ඇත්ත වශයෙන්ම සත්‍යය දෙයක් නම් ඇයි එය වඩාත් පුළුල් නොවන්නේ?
ඔබට කොසිරෙව් කැඩපත් මිලදී ගත හැකිය...
ඔබේම කැඩපතක් ගොඩනගා ගැනීමට අවශ්‍ය බ්ලූප්‍රින්ට් ඔබට මිලදී ගත හැකිය...
එම ක්‍රියාවලිය හොඳින් ලේඛනගත කර ඇත...
එයට පේටන්ට් බලපත්‍ර කිහිපයක් පවා තිබේ...
අවශ්‍ය ද්‍රව්‍ය මිල අධික නොවේ...
ඔබ කොසිරෙව් කැඩපත ගැන විශ්වාස කළත් නැතත්, කාල ශක්තිය සහ ඊතර් පිළිබඳ නිකොලයි කොසිරෙව්ගේ න්‍යාය ඔබ විශ්වාස කරනවාද?

ප්‍රධාන ධාරාවේ විද්‍යාව ඊතර් ලෙස හදුන්වන දෙයක් ගැන කරන්නේ නැත. නමුත් එය ඊතර් ලෙස හඳුන්වනවා වෙනුවට, කොසිරෙව් එයට අඳුරු පදාර්ථ (Dark Matter) හෝ ක්වොන්ටම් පෙන (Quantum Foam) ලෙස ඇමතුවා නම් සමහර විට වැඩි පිරිසක් ඔහුගේ අදහස් පිළිගනු ඇත. කොසිරෙව් ඉදිරිපත් කෙරූ, ප්‍රධාන ධාරාවේ විද්‍යාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අදහස් කිහිපයක් තිබූ අතර ඒවා පසුව සත්‍යයක් ලෙස ඔප්පු විය.
ඔහු මේ ගැනත් නිවැරදි නම්?
නමුත් කාලය පිළිබිඹු කිරීමට කැඩපතක් භාවිතා කිරීම!
එම එය ඉතා විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පෙනේ...
නමුත් එය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පෙනුනේ පසුගිය මාසය දක්වා පමණි...
නිව් යෝර්ක් නගරයේ විශ්ව විද්‍යාලයේ උසස් විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් අත්හදා බැලීමක් සිදු කරන ලදී.
ඔවුන් මෙටා ද්‍රව්‍යයක් හරහා විද්‍යුත් චුම්භක තරංගයක් යවන ලදී. මෙම තරංග වලට මැනිය හැකි කාල සංරචකයක් ද ඇත. තරංගය ඇතුළට ගියේ ඉදිරියට යමින් ය. තරංගය එළියට ආවේ පසුපසට ගමන් කරමින් ය. මෙය කාල පරාවර්තනයක් ලෙස හැඳින්වෙන අතර මේ පරික්ෂණය සිදු කරන තෙක් මෙය න්‍යායක් පමණක් විය.


ඉතින් නිකොලායි කොසිරෙව්ගේ න්‍යාය සත්‍යය වේ...
කාලය අප සිතන තරම් රේඛීය නොවේ...
නිකොලයි කොසිරෙව් කාලය විශ්වයේ භෞතිකව ඇති සෑම දෙයකටම බලපාන බව පැවසුවේය. ආචාර්ය ට්රොෆිමොව් භූමිකම්පා පුරෝකථනය කිරීමට කොසරෙව්ගේ න්‍යායන් සහ කොසිරෙව් කැඩපත භාවිතා කර ඇත. නැවතත් මෙය විද්‍යා ප්‍රබන්ධයක් සේ පෙනෙයි. නමුත් භූමිකම්පා පිළිබඳ පවසන අනාවැකි වල සාමාන්‍ය නිරවද්‍යතාවය සාමාන්‍යයෙන් 8%කි. 2018 දී ආචාර්ය ට්රොෆිමොව් භූමිකම්පා පිළිබද පැවසූ අනාවැකි වල නිරවද්‍යතාවය 61% ලෙස ඉතා ඉහළ විය.
ට්රොෆිමොව් ට අනුව අපට කොසිරෙව් කැඩපත භාවිතා කර අනතුරුදායක කාලගුණය, ගිනිකඳු පිපිරීම් සහ සූර්ය කුණාටු ගැන පුරෝකථන කළ හැකිය. කොසිරෙව් කැඩපත අපගේ සෞරග්‍රහ මණ්ඩලය හෝ ගැඹුරු අවකාශය පිළිබඳ අධ්‍යයනය කිරීමට භාවිතා කළ හැක. අපට එය ගොඩබෑමේ ස්ථාන (Landing Sites) සඳහා හෝ පිටසක්වල ශිෂ්ටාචාර සෙවීමට භාවිතා කළ හැකිය. කොසිරෙවෙ කැඩපත භාවිතයෙන් මිනිස් සිරුරේ වයසට යාමේ වේගය අඩු කිරීම සහ සුව කළ නොහැකි රෝග සුව කිරීම සිදුකළ හැකිය.
මේ සියල්ල තිබියදීත්, ප්‍රධාන ධාරාවේ විද්‍යාව මෙම තාක්ෂණය බැරෑරුම් ලෙස නොසලකයි. ආචාර්ය ට්රොෆිමොව් සහ ආචාර්ය කස්නචේව් පැවසුවේ මෙම තාක්‍ෂණය ඉතා වැදගත් වන නිසා ප්‍රභූ කිහිප දෙනෙකු අතර පමණක් එය තබන්නේ නැතුව සෑම කෙනෙකුටම ලබා දිය යුතු බවය. රජය හෝ සංගත ආයතන කොසිරෙව්ගේ තාක්ෂණය වැරදි ලෙස භාවිතා කිරීම ගැන ආචාර්ය කස්නචේව් විශේෂයෙන් පවසා ඇත.
කොසිරෙව්ගේ න්‍යාය ඇත්ත වූවත් නැත්ත මනුෂ්‍යත්වයට ලොකු පණිවිඩයක් එහි ඇත. අපි දෛවයෙන් හෝ නියතිවාදයෙන් (Determinism) බැඳී නැත. අපගේ යථාර්ථය අපගේ තේරීම් සහ ක්‍රියාවන් සමඟ හැඩගැස්වීමටා අපට හැකියාව ඇත. සියුම් බලශක්ති ක්ෂේත්‍ර (Subtle Fields Of Energy) සහ තොරතුරු හරහා ඔබ විශ්වය සහ විශ්වයේ පවතින සියලු දේ සමග සම්බන්ධ (Connected) වී ඇත. මේ ගැන වැඩිපුර කියවන්න.

එම තොරතුරු වෙත ප්‍රවේශ වීමට මම කැමතියි. ඔබ කැමති නැතිද?
මම හිතන්නේ අපි හැමෝම ඇලුමිනියම් තහඩු කිහිපයක් සොයාගෙන මෙම සැලසුම් බාගත කර ගෙන අපට සොයා ගත හැකි දේ බැලිය යුතුය.
මන්ද එහි ඇත්තේ විකල්ප දෙකක් පමණි.
පළමු විකල්පය වන්නේසෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි පරිදි මෙම තාක්ෂණය සමාජයට විවෘත කළ යුතුය. එමගින් අපි සියලු දෙනාටම මෙය අත්හදා බැලීමට සහ දැනුම හුවමාරු කර ගත හැකිය. සමහර විට එය මුළු මිනිස් සංහතියටම පරිණාමීය ඉදිරි පිම්ම තැබීමට හේතු විය හැකිය.
එසේ නැති නම් ඉතිරි වන්නේ දෙවැනි විකල්පයයි...
කොසිරෙව්ගේ තාක්ෂණය CIA සංවිධානයේ පාලනය යටතේ රහසි ගත ලෙස වර්ගීකරණය ඉදිරියට පවත්වා ගෙන යෑමය.
මම දන්නේ නැහැ ඔබේ සති අන්තයේ සැලසුම් මොනවාද කියලා. හැබැයි මම දන්නවා මම මේ සති අන්තයේ කරන්න යන්නේ මොකක්ද කියලා 😉😈