Skip to content

ගේ දොර අතහරින යාපනයේ දූපත්වාසීන්

                  යාපනය නෙඩුන්තීවු දූපතේ වැසියන් යුද්දය අවසන් වීමෙන් පසුව දූපතට පැමිණ නැවත පදිංචිව සිටියද පසුගිය කාලවකවානුවේ සාමාන්‍ය ජනජීවිතයට බලපෑ කරුණු වූ ආර් ථික අපහසුතා සමගින් දෛනික ආහාර සොයාගැනීමටද නොහැකිවීම හා දූපතේ ගමනාගමන පහසුකම් විධිමත්ව නොමැතිවීමත් ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් එහි වැසියන් දූපත හැර වෙනත් ස්තානවලට යාම ආරම්භ කොට ඇත.

නෙඩුන්තීවු දූපතට මාස තුනකට අධික කාලයක පෙර සිටිම පැවති ස්ථීර බෝට්ටු සේවය නතරවීම හේතුවෙන් එම වැසියන් යාපනය දිස්ත්‍රීක්කයට ඇතුලු වෙනත් දූපත්වලට ගමන්කරනු ලැබුවේ සාමාන්‍ය ධීවර යාත්‍රා උපයෝගි කොටගෙන නිසාවෙන් එම ගමන් දැඩි ජීවිත අවධානමක් පවතින බවටද එම වැසියන් පැවසූහ.

දූපත්වාසීන් අතහැර ගිය නිවාස අබලන් වී ඇති අයුරු

දූපත් වැසියන් වැඩි පිරිසක් විරැකියාවෙන් පෙලීම, වෛද්‍ය පහසුකම් නොමැතිවීම, අධ්‍යාපන පහසුකම් නොමැතිවීම, ගමනාගමන පහසුකම් ඇතුලු කිසිදු යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් එහි වැසියන් මේ වන විටත් යාපනය නගර ආසන්නයට සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට සංචරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්ථා වෙයි.

මේ අතර දූපත් වැසියන් මේ වන විටත් විශාල ප්‍රමාණයක් වෙනත් දිස්ත්‍රීක්කවල තාවකාලිකව පදිංචිව සිටින අතරවාරයේ ඉන්දියාවට ඇතුලු වෙනත් රටවලට සංක්‍රමණය වීමද සිදුවන බවටත් ඉන්දියාවේ සරණාගත කඳවුරු මගින් අනාථ වැසියන්ට ලබාදෙන ආධාර මගින් වසර කිහිපයක් එරට ජීවත්වීමට තීරණය කොට ඇති බවටත් දූපත් වාසීන් පවසති.

එමෙන්ම ලංකාවේ දැනට පවතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලගණණ් අධික ලෙසින් ඉහල යාම හේතුවෙන් දෛනික අදායමක් හෝ ආර්ථිකයක් නොමැති පවුල් වලට නෙඩුන්තීවු දූපතේ ජීවත්වීම දැඩි අපහසුතාවක් වූ අතරම බොහෝ පවුල්වලට ආහාර සොයාගැනීම දැඩි ලෙසින් අපහසු වූ බවටද එහි වැසියන් පවසති.

මෙලස නෙඩුන්තීව් දූපත් වැසියන් වැසියන් දූපත හරයාම පිළිබඳව වැඩිදුරටත් පවසා සිටින්නේ තමන්ට දෛනික ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් කිසියම් ආධාර වැඩිපිළිවලක් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මාර්ගයෙන් හෝ සලසා දෙන ලෙසටත් එසේ නොවන්නට නෙඩුන්තීවු දූපතේ සියලු වැසියන් දූපත හැරදමා යනු ඇති බවටත්ය.

Latest