Skip to content

ජාවාරම්කාර දේශපාලකයන්,නිලධාරීන් හා ව්‍යාපාරිකයන් රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක්ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එහෙයින් එක්සත් ජනරජ පෙරමුණ ලෙස යෝජනා කරන්නේ අපරාධ පිළිබඳ විනිශ්චය කොමිෂන් සභාවක් පත් කර රටේ ආර්ථික තීරණ ගත් අය විශේෂයෙන්ම මහ බැංකුවේ මුදල් මණ්ඩලය හා මහ බැංකුවේ අධිපතිවරු මුදල් ඇමතිවරු අනිවාර්යෙන්ම වගකීමට බැඳිය යුතුවන බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

එම වගකීම එක්සත් ජනරජ පෙරමුණ ලෙස ඉටුකරන බව හෙතෙම කියාසිටියි.

"කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා, ඔහුගේ මුදල් පසුම්බිය කපාගන්නවා අපරාධකරුවෙක්. ඒ තුවාලයෙන් ඔහු ලේ වැගිරෙමින් ඉන්නකොට, ඔහුව රෝහලට ඇතුල් කරනවා. දැන් සැත්කමක් කරන්න ඕනේ ඉඳගන්න කියලා. සැත්කම කරන්න. දැන් නොගත්තොත්, ලෙඩා මැරෙනවා කියමින්, තව ගැඹුරට හාරනවා. රෝහල් ගිහිල්ලා උඹට ගෙවන්න තියෙනවා කියලා හැබැයි පර්ස් එක විකුණනවා. මොකක්ද මෙතන නැත්තේ? ඔහුට වෙඩි තබලා පර්ස් එක පැහැරගෙන ගිය අපරාධකාරයා අත්අඩංගුවට අරන් නෑ. ඒ වගේ තමයි අද මේ රටේ සාමාන්‍ය මහජනයාටත් කරලා තියෙන්නේ. දේශපාලකයෝ, නිලධාරීන්, ව්‍යාපාරික පැලැන්තියක් මොකද කරලා තියෙන්නේ? මහජනයාට දරුණු තුවාලයක් කරලා තියෙනවා මේ රටේ. දස ලක්ෂයක් පවුල් වලට. ඒ දරුණු තුවාලය මේ නැතිවෙමින් තියෙන්නේ. තව බදු ගගහා මේ උණ්ඩය හදන්නම් අරගන්නම් කියලා. හැබැයි දඬුවම් දීලා නැති බව හැමෝටම පේනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපරාධ පිළිබඳ විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරලා මේ රටේ ආර්ථික තීරණ ගත්ත අය විශේෂයෙන්ම මහ බැංකුවේ මුදල් මණ්ඩලය හා මහ බැංකුවේ අධිපතිවරු මුදල් ඇමතිවරු අනිවාර්යෙන්ම වගකිව යුතුයි. ආර්ථික අපරාධ පිළිබඳ විශේෂ කොමිෂන් සභාවකින් මේ අය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට යුක්තිය අනිවාර්යයි. ඒ වගකීම එක්සත් ජාතික පෙරමුණ ඉටුකරනවයි කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ."

රට බංකොලොත් කළ අපරාධකරුවන්ට දඬුවම් නොකර රට අඟලක්වත් ඉදිරියට ගෙන යා නොහැකි බවයි රණවක මහතා පවසන්නේ.

''මහජනයාට මේ දේවල් තවදුරටත් දරාගන්න බෑ. තමන්ගේ බැංකුව නිවැරදිව මේ සල්ලි ආයෝජනය කරනවා කියලා. දැන් අර්ථසාධක අරමුදලේ සේවකයින්ට තිබිච්ච විශ්වාසය මහ බැංකුව කඩලා ඒ ප්‍රතිලාභය නැති කරලා තියෙනවා. අවුරුදු තුනක් ඇතුළත අයිස්ලන්තය බංකොලොත්භාවයෙන් මිදිලා බලගතු රටක් හැටියට ඉදිරියට ගිහින් තියෙනවා. ඒ විදියට ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න."

ඒ අනුව දුප්පතුන්ට පැහැදිලි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍ය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Latest