Skip to content

වතුරට වැටුනු ෆොන් එක ගන්න ජලාශයම හිස්කල ඉන්දීය රාජ්‍ය නිලධාරියා

ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ රාජ්‍ය නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකතනය කර්කට්ටා ජලාශයට වැටීමෙන් පසුව අදාල ජලාශයේ ජලය ලීටර් ලක්ෂ 21 ක් ඉවත්කිරීමේ අපූරු පුවතක් වාර්ථා වෙයි.

කන්කර් දිස්ත්‍රීක්කයේ පකන්ජූර් නගරයේ ආහාර පරික්ෂක වරයෙකු වශයෙන් රාජකාරි සිදුකල 32 හැවිරිදි රාජෙස් විශ්ව නම් මෙම රාජ්‍ය නිලධාරියා සිය මිතුරන් සහ පවුලේ ඥාතීන් සමග කර්කට්ටා ජලාශයට බැලීමට චාරිකාවක් සඳහා ගිය අවස්ථාවේදී සියල්ලන් එක්ව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ජංගම දුරකතනය අඩි 15 ක් පමණ ගැඹුරැති ජලාශයට වැටී ඇත.

ඉන්දීය රුපියල් 95,000 ක් පමණ වටිනා අදාල සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකතනය වැටීමත් සමග මෙම රාජ්‍ය නිලධාරී තරුණයා බොහෝ සෙයින් කලබලයට පත්වී වැටුනු ජංගම දුරකතනය මිතුරන් මාර්ගයෙන් ජලාශයට පැන සෙවීමට උත්සහ දරා ඇත. දින දෙකක් පමණ මිතුරන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ජලාශයේ කිමිද ජංගම දුරකතනය සෙව්වද හමුනොවීමෙන් මෙම තරුණයා මහත් පීඩනයකට පත්ව සිටි බවටද වාර්ථා වෙයි.

අනතුරුව මෙම රාජ්‍ය නිලධාරියා විසින් ජලසම්පත් දෙපාර්තමේන්තුවේ උපප්‍රාදේශීය නිලධාරියෙකු සමග සාකච්ඡා කොට වාචිකව අවසරයක් ලබාගෙන ඩීසල් පොම්පයක්ද කුලයට ලබාගෙන දින 3 ක් පුරාවට අදාල ජලාශයේ ජලය ඉවත්කිරීමට පියවර ගෙන ඇත. අඩි 15 ක් ගැඹුරුති ජලාශයේ අඩි 6 ක් දක්වා දින 3 කට අධික කාලයක් තුලදී වතුර ඉවත්කොට අඩුවූ පසු අදාල ජංගම දුරකතනය සොයාගෙන ඇත.

රාජ්‍ය නිලධාරී තරුණයා සහ හිස්කරන ලද ජලාශය

අධික පැවිල්ලකින් යුතු කාලවලදී පවා අඩි 15 ක් ගැඹුරැති මෙම ජලාශයේ ජලය අඩි 10 ක් තරම් හෝ අඩු නොකෙරෙන වාතාවරණයක ජංගම දුරකතනයක් හේතුවෙන් අඩි 6 ක් දක්වා අඩුකිරීම අභාග්‍යසමපන්න සිදුවීමක් හෙයින් ඒ වනවිටත් ජලය ලීටර් ලක්ෂ 21 ක් විනාශ වී ඇති අතර එය ආසන්න වශයෙන් කුඹුරු බිම් අක්කර 1500 කට සැපයීමට තිබූ ජල ප්‍රමාණයක් බවද එරට බලධාරීන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙතරම් ජලප්‍රමාණයක් ඉවත් කොට ජංගම දුරකතනය ලබාගත්තද අදාල ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබූ බවටද වාර්ථා වෙයි.

කෙසේ වෙතත් අදාල සිදුවීම සිදුකල රාජ්‍ය නිලධාරී තරුණයා පවසා සිටියේ,

‘මම යහලුවො ඇතුලු කිහිප දෙනෙක් එක්ක එම ස්ථානයට ගිය අවස්ථාවේදී මගේ පය ලිස්සා දුරකතනය වැටුනා පසුව ප්‍රදේශවාසීණ් විසින් ජංගම දුරකතනය සොයාදෙන්න ලොකු උත්සහයක් ගත්තා නමුත් එය අසාර්ථක වුනා පසුව මම එස්.ඩී.ඕ . ටකතා කලා ලඟතියෙන ඇලට වතුර ටිකක් මුදාහැරියට කමක් නැද්ද කියල මම ඇහුවා එහෙම අහාල අවසරය ලැබුනු පසු තමයි මම මේ ක්‍රියාව කලේ පසුව අඩි කිහිපයක් අඩුවුන පසු මම ජංගම දුරකතනය ගත්තා. යනුවෙනි.

කෙසේ වෙතත් මෙම ගැටලුව මේ වන විට ප්‍රදේශයේ දේශපාලිනක වශයෙන්ද දැඩි මතභේදයක් හටගෙන ඇති අතරම අදාල රාජ්‍ය නිලධාරී තරුණයාගේ වැඩතහනම් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

Latest