Skip to content

ඉන්දියා – කැනඩා ගැටුම නිම නොවන හැඩ..!

කැනඩාවේදී ඝාතනය කළ බව කියවෙන සික් බෙදුම්වාදී නායක හර්දීප් සිංග් නිජ්ජාර්ගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා තමන් වෙත ලබාදෙන ලෙස ඉන්දීය විදෙස් අමාත්‍ය එස්. ජයිශංකර් කැනඩාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

එම ඝාතනය සම්බන්ධව නිශ්චිත සහ අදාළ තොරතුරු සොයා බැලීම සඳහා ඕනෑම විටෙක රට විවෘත බවත් එම ඝාතනය ඉන්දීය රජයේ ප්‍රතිපත්තියක් හෝ නියෝගයක් නොවන බවද ඉන්දීය විදෙස් අමාත්‍ය වරයා කැනඩාවට දන්වා ඇතැයිද එහි වැඩිදුරටත් සදහන්.

“අපි කැනේඩියානුවන්ට කිව්වා මේක ඉන්දීය රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා. අපි ඔවුන්ට කිව්වා බලන්න, ඔබට නිශ්චිත දෙයක් තිබේ නම්, ඔබට අදාළ දෙයක් තිබේ නම්, අපට දන්වන්න. අපි ඒ ගැන බැලීමට විවෘතයි.” ඉන්දීය විදෙස් අමාත්‍ය එස්. ජයිශංකර් විසින්ද එම ප්‍රකාශය තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබිනි.

හර්දීප් සිංග් නිජ්ජාර් ගේ දේහය

සික් ජාතික බෙදුම්වාදී නායකයෙක් ලෙස ප්‍රකට හර්දීප් සිංග් නිජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සික් දෙවොලක් අසලදී වෙඩි තබා ඝාතනය කර තිබිනි.

Latest