Skip to content

අනාගත ආර්ථිකය ශක්තිමක් කරන්න IMF වැඩ සටහනට බෑ

මෙරට අනාගත ආර්ථිකය දියුණු කිරීම සදහා IMF වැඩ සටහන ඉවහල්වන බවට විශ්වාස කරන්නේ ජනගහනයෙන් 30% කටත් අඩු ප්‍රමාණයක් බව වෙරිටේ රිසර්ච් විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

වෙරිටේ රිසර්ච් විසින් සිදු කර ඇති  සමීක්ෂණයට පදනම් කරගත් නියැදියේ සිටි ජනතාවගෙන් 28%ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපාන බවට සිය විශ්වාසය පළ කර ඇත.

තවත්,45%ක් විශ්වාස කරන්නේ ඇමරිකාණු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහන අනාගතයේ දී, ආර්ථිකය නරක අතට හැරීමට බලපානු ඇති බවයි.

" ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන IMF වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද?" යන ප්‍රශ්නය මෙහිදී අසන ලදී. එසේම, ප්‍රතිචාර දැක්වීමට පිළිතුරු 4 ක් ලබා දී තිබුණි.

1.    දැන් සහ ඉදිරිය හොඳ අතට හැරීමට බලපායි

2.    දැන් නරක උනත් ඉදිරියේ හොඳ අතට හැරෙයි

3.    දැන් සහ ඉදිරිය නරක අතට හැරීමට බලපායි

4.    දැන් හොඳ උනත් ඉදිරියේ නරක අතට හැරෙයි

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 28% ක් පළමු හෝ දෙවන පිළිතුර තෝරා ගත් අතර 45% ක් තුන්වන හෝ හතරවන පිළිතුර තෝරා ගත්හ. ඉතිරි 27% දෙනා කිසිඳු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකු සම්බන්ධ කරගෙන මෙම ජනමත විමසුම සිදුකර ඇත. ප්‍රතිඵලවල වැරදි ආභිතය, 95%ක විශ්වාස මට්ටම දී, ±3% ක් වී ඇත.

Latest