Skip to content

මහජන පැමිණිළි 11,000 ක් මානව හිමිකම් කොමිෂමට ලැබිලා.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් කොමිෂමේ රාජකාරී කිරීමේද පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාගැනීම සඳහා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

එම සාකච්ඡාවේදී මානව හිමිකම් කොමිෂමේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත්ය.

පසුව අදාල ගැටලුව සමබන්ධයෙන් සොයා බැලීමටත් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මානව හිමිකම් කොමිෂණ් සභා නිලධාරීන් වෙතට දැනුම් දෙන ලදි.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා එමඟින් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද පෙන්වා දෙන ලදි.
ජනාධිපති  ලේකම් සමන් ඒකනායක මහතා , මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා සහ නිමලසේන ගාර්දිය පුංදිහේවා යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Latest