රජයේ රෝහල් තුළ CT ස්කෑන් යන්ත්‍ර 44ක්, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් සහ PET ස්කෑන් යන්ත්‍ර 02ක් පැවතියත් ඉන් බොහෝමයක් මේ වනවිට අක්‍රීයවී ඇති බව වාර්තා වන බව සෞඛ්‍ය වෘත්තීක වේදීන්ගේ ජාතික ව්‍යාපාරය කියයි.
අක්‍රීය වූ මෙම යන්ත්‍ර යථා තත්ත්වයට පත්කිරීම ප්‍රමාද වී ඇත්තේ එම යන්ත්‍රවල සේවා ගිවිසුම් කාලය ඉකුත්වීම හේතුවෙන් බවද සෞඛ්‍ය වෘත්තීක වේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.
ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමට නොහැකිවීමෙන් වෛද්‍යවරුන්ද දැඩි අසීරුතාවයකට පත් ඇති බවත් ඔවුන් කියයි.
MRI 13න් යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක නැති බවත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ තිබෙන යන්ත්‍රය වසර දෙකකට පෙර බිඳවැටී ඇති බවත් ඔවුන් පවසයි.
අනුරාධපුර රෝහලේ MRI යන්ත්‍රය ජනවාරි සිට බිඳවැටි ඇති බවත් මේ වනතුරු එම යන්ත්‍රය යථාවත් කිරීමක් සිදුවෙලා නැති බවත් සදහන්.
CT ස්කෑන් යන්ත්‍ර 43න් මේ වනවිට 12ක් බිඳවැටි ඇති බවත් සෞඛ්‍ය වෘත්තීක වේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.