Skip to content

දමිළ සිනමාවේ වීරයා රැජිනිකාන්ත් යලිත් ලංකාවට

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා යළිත් මාලදිවයින  සිට සුලු කාලයක් රැඳී සිටීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

රැජිනිකාන්ත් මහතා ඊයේ (26) දහවල් 11.20 ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රෑට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි.

ඉතා උසස් අන්දමින් පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ සේවිකාවන් පියවර ගෙන තිබූ අතර මද වේලාවක් කටුනායක ගුවන්තොටුපලේ රැඳී සිටීමෙන් අනතුරුව මේ සුපුරි තරුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.

රැජිනි කාන්ත් මහතා මීට පෙර 14 දින ද මාලදිවයින බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පිවිස තිබුණි.

Latest