තවමත් අර්බුදය අවසන් නොමැති අතර එය තවදුරටත් ගැඹුරු බවත් එය දැනෙන විට පසුගිය වරට වඩා දරුණු වනු ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව මැයි මාසයේ 39%ක එකඟතාවන් ඉටුකිරීමට තිබුණද එයින් ඉටුකර ඇත්තේ 10%ක් බවත් ජූනි මාසයේ එකඟතා 55% න් ඉටු කර ඇත්තේ 33% ක් බවත් දිගින් දිගටම පරතරය වැඩිවෙමින් පවතින බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
සැප්තැම්බර් මාසය වන විට 71%ක ප්‍රගතියක් පෙන්නුම් කළ යුතුවන අතර එම ඉලක්කයට යාමට නොහැකි වන්නේ නම් නැවත විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව හෙතෙම කියාසිටියි. ය
''ආර්ථික කළමනාකරණය කිරීමේ දී විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි. ආර්ථිකය ප්රාථමිකව හැසිරවීම රටේ බංකොලොත්භාවයට හේතු වුණා. පොහොර තහනම, මුදල් මුද්‍රණය වගේ ක්‍රියා නිසා උද්ධමනය ඉහළ ගියා. ලෝකෙන්ම දෙවැනි තැනට. මේවා අපි කියන කොට රජය ඒ ගැන ගණන් ගත්තෙ නෑ. පෙනෙන දේ අනුව තමයි ජනතාව තීරණ ගන්නෙ. එයාපෝර්ට්ස් හැදෙනවා දැක්කා. තුසිත දෙව්ලොව බලන්න පුලුවන් කියන කුලුනු හැදුවා, වරායවල් හැදුවා, මේ ඔක්කොම හදලා අපිට පෙනුනා රට ඉතාම ස්වයංපෝෂිත ලස්සන, සුඛිත මුදිත ආර්ථිකයක් නිර්මාණය වෙනවා. දිගින් දිගටම තිබෙන ණය සේවාකරණ ගැටළුව, වගේ දේවල් ජනතාවට දැනුනේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම ආවට පස්සෙ, ඉන් පස්සෙ ජනතාව පාරට බැහැලා අලුත් ආණ්ඩුවක් ගෙනාවා. අලුත් පාලනය දැන් මූලික ප්රශ්නය අමතක කරවලා අපේ ප්රශ්නය අපෙන් අයින් කරලා. දැන් ආයෙත් ජනතාවට අමතක වෙලා දාර්ශනික උත්තර හොයනවා. වෙන වෙන ගමන්වල යනවා. අර්බුදය ඉවර නෑ. අර්බුදය ගැඹුරුයි. දැනෙන්න ගන්න කොට ගිය පාරට වඩා දරුණු වෙයි.''
මහ බැංකු වාර්තා අනුව 2023 පළවෙනි කාර්තුවෙ ආර්ථික සංකෝචනය -11.5% ක් වන බවත් ඒ අනුව ඉතිහාසයේ වැඩිම ආර්ථික සංකෝචනයක් සිදුව ඇති බවත් එය තවමත ජනතාවට නොදැනෙන බවත් ඔහු පවසයි.
''අපි හිතනවා දැන් ඔක්කොම හරි කියලා. මේ අවුරුද්දෙ බලාපොරොත්තු වන ආදායම දළ වශයෙන් රු.බි. 3400 ට වඩා. නමුත් පළමු කාර්තුවේ ආදායම රු.බි.830 යි. 780ක් විතර ණය පොළිය. ආර්ථිකයට ඉතුරු වෙන්නෙ ඉතාම සුලු මුදලක්. එදිනෙදා වර්තන වියදම් විතරක් රු.බි. 1400 ක්. ඒ සමග අපිට පේන දේ තමයි අපේ අනාගත ඉලක්කවලට යන්න බෑ ඉලක්ක වලට යන්න බැරි වුනොත් විශාල අර්බුදයකට රට පත්වෙනවා. ඒක වෙනුවෙන් ඒක වෙනුවෙන් අපි කියන්නෙ කරුණා කරලා රජය ආර්ථික යුක්තිය ඉටු කරන්න. බදු ප්‍රතිපත්තිය සාධාරණිකරණය කරන්න, රට බංකොලොත් තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු අයට නිසි දඬුවම් දෙන්න. එකතු කරන මුදල් සාධාරණව පාවිච්චි කරන්න.'' යනුවෙන් හෙතෙම් වැඩිදුරටත් අවධාරණය කරයි.