Skip to content

මෙරටට හොර පාරෙන් ආ තවත් කෝටි 8ක රන් තොගයක් රේගු භාරයට..

මෙවර ගෙනාවේ ප්‍රංශ ජාතිකයෙක්..

කිලෝග්‍රෑම් 4.611ක් බරැති රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතිකයෙක් කොළඹ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක් වන අතර මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද මේවන විට හෙළිදරව්වී තිබේ.

එම පුද්ගලයා පැය 24 කාලයකට මෙරටට පැමිණීම නිසා ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රං තොගය හමුවී ඇති අතර එහි වටිනාකම රුපියල් අට කෝටියකට අධික බවද රේගුව සදහන් කරයි.

මෙම ජාවාරම පිළිබදව  සිදුකළ පරීක්ෂණයකින් පසු එම රත්‍රං තොගය රාජසන්තක කිරීමට කටයුතු කර ඇති අතර ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07ක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබේ. එහෙත් ඔහු දඩ මුදල ගෙවීමට අසමත්වීම නීසා ඔහුව ජූනි (08) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Latest