Skip to content

මසුන් අල්ලන්න ගෙනා පුපුරණ ද්‍රව්‍ය සමග තරුණියත් අත්අඩංගුවට..

නාවික හමුදාව හා කුච්චවේලී පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ අද(22) සැකක‍ටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක් සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසූවේ නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් සහ කුච්චවේලී පොලීසියේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී සැකකාරිය හා පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි.

පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන සිදුකරන නීති විරෝධි මසුන් ඇල්ලීම වෙනුවෙන් අදාළ පුපුරණ ද්‍රව්‍ය ගෙනැවිත් තබන්නට ඇති බව ආරක්ෂක අංශ සැක පළ කරති.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 21 ක් වන කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවද නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය වෝටර් ජෙල් කූරු, විදුලි නොවන ඩෙටනේටර් කුච්චවේලි පොලිසිය හරහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest