Skip to content

අරගලය ගැන ජිනීවා මානව හිමිකම් සැසියේදී සාකච්ජාවට!

අද (19) ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක් පිළිබඳ විශ්ව කාලීන වාර්තාවක් ඉදිරිපත්වීමට නියමිත අතර ඒ ගැන මෙම සැසිවාරයේදී සාකච්ජා කෙරෙනු ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති බවත් පසුගිය අරගලයට අදාළව කෙරුණු අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බවයි මහානාමහේවා මහතා සඳහන් කරන්නේ.

මෙම සැසිවාරය එළඹෙන ජූලි 17 දක්වා ක්‍රියාත්මක අතර පොලීසිය තුළ සිදුවූ මරණ, අල්ලස් පනත, භාෂණයේ නිදහස, ආගමික සංහිඳියාව ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරෙනු ඇති අතර ශ්‍රී ලංකා නියෝජිතයා ඊට සාර්ථකව මුහුණ දිය යුතුවන බව හෙතෙම කියාසිටියි.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලනකවට ඇත්තේ විවාදාත්මක තත්ත්වයක් වන හෙයින් කළ යුත්තේ ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කිරීම බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Latest