Skip to content

ඇඟළුම් කර්මාන්තය බිම..

කර්මාන්ත කරුවෝ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ කියති..

ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල පවතින බොහෝමයක් ඇඟලුම් කර්මාන්තශාලා වසා දමා ඒවායෙහි හිමිකරුවන් විදේශ රටවල එම කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරති.

මෙරට තුල සිටින විදේශීය මෙන්ම දේශීය ඇගලුම් කර්මාන්ත ශාලා හිමියන්ද මේ අසීරු තත්වයට මුහුණදී සිටින බව ඔවුහූ පෙන්වා දෙති.

රට තුළ විදුලි ගාස්තු, තීරු බදු ගාස්තු, කර්මාන්ත පිරිවැය ඉහළ යාම මෙන්ම ජාත්‍යන්තර වෙළෙදපල තුල තරඟකාරීත්වය විශාල වශයෙන් පහළ ගොස් නව ඇණැවුම් ලැබීම අඩු වීම ද මේ තත්වය ඇති කිරීමට බලපා ඇති බවද ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරති.

රටේ කර්මාන්තශාලා වල සමස්ත ධාරිතාවයෙන් සියයට 25% ටත් අඩු ප්‍රමාණයක් දක්වා මේවන විට නිෂ්පාදනය පහල වැටී ඇති බව ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංසදය ආර්ථික අර්බුදය සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවට පැමිණි අවස්ථාවේදී සදහන් කර තිබේ.

Latest