Skip to content

මහවින් බඩු ඉස්සූ හයේ කල්ලිය මතුගමින් පොලිස් දැලට හසුවෙයි.

ලක්ෂ හැත්තෑ අටක බඩු ලක්ශ දහයට දෙන්න හදලා.

මහා පරිමාණ ගල් වැඩපොලක සවිකර තිබූ රුපියල් හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට (7,850,000/=) අධික වටිනාකමකින් යුත් උපකරණ තොගයක් සොරා ගෙන ඒවා රුපියල් ලක්ෂ දහයකට අලෙවි කිරීමට සුදානම් වෙමින් සිටි සංවිධානාත්මක සොර කල්ලියක් එම භාණ්ඩද සමඟම ඊයේ (8) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි.
අධි බල ධාරිතාවෙන් යුත් විදුලි ජනකය යන්ත්‍ර දෙකක්,  බූම් ට්‍රක් රථයක් , ත්‍රීරෝද රථයක් සහ බැකෝ යන්ත්‍රයක ඉදිරිපසට සවි කරන යකඩ කුල්ලක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොර කල්ලිය සතුව තිබී අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර වෙති.

භාන්ඩ තොගය සමග ඒවා සොරා ගැනීමට සම්බන්ධ සැකකරුවන් හය දෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු  කැකිරාව අම්පාර සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද හඳුනාගෙන තිබේ.
මහව තලංගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්වැඩපලකින්, බූම් ට්‍රක් රථයක් යොදා ගනිමින් මෙම භාන්ඩ තොගය සොරා ගෙන ඇත්තේ  ඉකුත් 4 වෙනි දින රාත්‍රී කාලයේදීයි දී බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන්යෙන් පොලිසියට ලද පැමිණිල්ලකින් පසුව මූලික විමර්ශන ආරම්භ කළ මහව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාරනායක  මහතාට ලද තොරතුරක් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් චමින්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට මෙහි වැඩිදුර විමර්ශන කටයුතු පවරා තිබේ.
ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලින් පසු මෙම විදුලි ජනක යන්ත්‍ර ගලවාගෙන ගොස් ඇති ට්‍රක් රථය කුරුණෑගල හෙට්ටිපොල ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසියට හමුවී තිබෙන්නේ එක් සැකකරුවෙක් ද සමගය.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී ලබා ගත් තොරතුරු මත සෙසු භාණ්ඩ තොගය මතුගම ප්‍රදේශ්යේ නිවසක සඟවා තිබියදී අනෙකුත් සැකකරුවන්ද සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මහව මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක තිළිණ මධුසංඛ  පොලිස් සැරයන්වරුන් වන (35389) සමන්,  (34462) ලංකාතිලක, (31254) අබේරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් වන  ( 55164) පංඩිතරත්න, (12334) සඳරුවන්  යන මෙම වැටලීම් සිදුකළහ.
අත්අඩංගුවට භාණ්ඩ තොගය සමග සැකකරුවන් අද (9) මහව හේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම්ට නියමිතව තිබිණි.

Latest