Skip to content

මැරිල ඉපදෙන්න මෙයාලට පුලුවන්

ස්වාභාවධර්මයා විශ්මිතය යන්නනට සහ මිනිසා යනු ස්වාභාවධර්මයෙහි එතරම්ම ජගතෙක් නොවන බව කීමට ගත හැකි හොඳම උදාහරණයක් වන්නේ Alaskan wood frog නම් ගෙඹි විශේෂයයි. මන්ද අවුරුදු තුනකට වඩා වැඩි නොවූ මෙම ගෙම්බන්හට එම කාලය තුළදී මැරී ඉපදෙන්න හැකියාව ඇති බැවිනි.

ඇලස්කාවේ සහ කැනඩාවේ උතුරු වනාන්තර ආශ්‍රිතව Alaskan wood frog ව්‍යාප්ත වී ඇති අතර විශේෂයෙන් මෙම වනාන්තර ප්‍රදේශය යනු උෂ්ණත්වයේ විශාල අන්තගාමීත්වයක් සහිත වනාන්තර ප්‍රදේශයකි. ශීත ඍතුවේදී සමහරවිට පෘථිවියේ අවම උෂ්ණත්වය වාර්ථා කරමින් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 50 සිට 80 දක්වා වාර්තා වන අවස්ථාවන්ද ඇත. මෙතරම් ශීතල කාලයක් තුළ වූවද මෙම ගෙම්බන් නොනැසී පැවතීම විද්‍යාඥයින් හට දීර්ඝ කාලයක් තිස්සේ විශ්මයට කරුණක් වූ අතර මොවුන් පිළිබඳව සිදුකරණ ලද පර්යේෂණවලදී සොයාගෙන ඇත්තේ

ශීත පරිසරයට අනුවර්තනය වීම සඳහා ශීත කාලය තුළ මෙම ගෙම්බන් හුස්ම ගැනීම නවතා දමන අතර එම නිසා ඔවුන්ගේ හෘද ස්පන්දනය නතර වේ. ඔවුන්ගේ සිරුරු විශේෂ ප්‍රති ශීතකරණ ද්‍රව්‍යයක් නිපදවන අතර එමගින් ඔවුන්ගේ සෛල තුළ අයිස් කැටි ගැසීම වලක්වාලයි. මෙය වඩාත් සරල ආකරයෙන් පවසන්නේ නම් Alaskan wood frog ශීත කාලයේදී සිදුකරණුයේ හුස්ම ගැනීමේ සිට සිය ශරීර ක්‍රියාවන් සියල්ල නවතා දැමීමයි. ( ශිශිර තාරක නින්ද පිළිබඳව ඔබ අසා ඇත්නම් මෙයද එලෙසමයි යැයි ඔබට සිතෙනු ඇත ) මොවුන් මෙසේ සිදුකරණුයේ ශීත කාලය තුළදී සංචරණය, ආහාර සපයා ගැනීම, සංසර්ගය ආදී කටයුතු අපහසුවන බැවිනි. සිය ශරීරය සම්පූර්ණයෙන්ම අයිස් කැටයක් බවට පත්කරගන්නා මෙම සත්වයින් සියලුම ශරීර ක්‍රියාවන් නවතා දමනුයේ එම ක්‍රියාවන්ට ශක්තිය වැය වන හෙයින් ශීත කාලය තුළ අවශ්‍ය ශක්තිය සපයා ගැනීම සඳහා ආහාර සොයා ගැනීම අපහසු බැවිනි. මාස 6-7 ක් පමණ මෙම සත්වයින් මෙම ක්‍රියාවලිය තුළ සිටිනා අතර වසන්ත ඍතුවේදී නැවත සක්‍රීය වීම සිදු වේ.

ශීත ඍතුවේදී කොළ රොඩු මත මොවුන් ජීවත්වන අතර වසන්තයේ මාර්තු මස ආරම්භ වීමත් සමග මොවුන්ගේ අභිජනන කාලය අරඹයි. විද්‍යාඥයින් පවසන්නේ අභිජනන සමය තුළ පිරිමි සත්වයින් දිව රෑ නොබල සිය ක්වාක්, ක්වාක් යන ශබ්දය නගන බවය. වරකට ගැහැණු සතුන් බිත්තර 1000-3000 අතර ප්‍රමාණයක් දමනු ලබන අතර දින 9 - 30 අතර කාලයකට පසුව පැටවුන් බිහිවන බවත්, ගෙම්බන්ගේ ලිංගය සහ ගහනය අනුව පරිණතභාවය වසර 1-2 කින් ළඟා විය හැකි බවත් සහ මොවුන්ගේ ජීවිත කාලය වසර තුනකට නොවැඩි වන බව ද විද්‍යාඥයින්ගේ මතයයි.

Latest