Skip to content

වාරියපොළ ඉදිකෙරුණු ප්‍රංශ කිරි කම්හල.

ප්‍රංශ රජයෙන් ලබාදෙන සහන ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවේ ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටිය ප්‍රදේශයේදී විවෘත කෙරිණි.

මෙම කුඩා පරිමාණ කිරිසැකසුම් කර්මාන්ත ශාලව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් ඉදිකිරීම සිදුකල අතරම ඉතිරි  කර්මාන්ත ශාලවන්ද ඉදිරියේදී ඉදිකිරීමට නියමිතව ඇත.

මෙසේ ඉදිවූ කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800ක් වන අතරම  දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාවේ දියර කිරි ලෙස සැකසෙන අතරම, ගොවීහු 4,200ක් දෛනිකව අවශ්‍ය කිරි මෙම කර්මාන්ත ශාලාවට සපයනු ලබති.

කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්ත ශාලාව විසින් මිලදී ගනු ලබන අතරම මෙමගින් ගොවි ජනතාවට ප්‍රතිලාභ වශයෙන් හිමිවන මුදල දෛනිකව රුපියල් මිලියන 4.2ක් බවටද  එමගින් ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභයක් ඉපයිීමටද ැකි බවට කෘෂිකර්ම අමාථ්‍යංශය විසින් පෙන්වා දෙයි.

කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත්ත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Franchois Peatet, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Latest