Skip to content

රුපියල් කෝටි 570 ක් වියදම් කර මංතීරු දෙකට සකස් කර පාරේ අඩුපාඩු රැසක්..

රුපියල් කෝටි 570 ක් වියදම් කර මංතීරු දෙකට සකස් කර 2019 වසරේ ජනවාරි මස විවෘත කරන ලද මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගයේ අඩුපාඩු රැසක් පවතින බව ජනතාව පවසයි.
මෙම මාර්ගයේ හෙම්මාතගම සිට ගම්පොල දක්වා ගමන් කර යුතු කොටස වැටි ඇත්තේ අම්බුළුවාව හරහාය. එම මාර්ගය විශාල පල්ලම් සහ බැවුම් රැසකි. නමුත් එම ස්ථාන වල ඇති වංගු සහිත ස්ථාන රැසකම ආරක්ෂිත යකඩ වැටවල් ඉදි කර නොමැති නිසාම වාහාන අනතුරුද රැසක් ද සිදු වි ඇති බව ඒ අවට පදිංචි ජනතාව එහි ගිය අප සමග පැවසිය.
මෙම මාර්ගයේ වැසි දින වලදි ස්ථාන කිහිපයකින්ම පස් කදු කඩා වැටිම් සිදු වෙන බවත් ඒම ස්ථාන වලට ආරක්ෂිත බැම් ඉදි කර යුතු බවද ජනතාව විසින් පෙන්වා දුන් අතර දැනට පාරට සේදි පැමිණි පස් කදු මෙන්ම ගල් පර්වත කිහිපයක්ද වැසි ගොස් ඇති කාණු යනආදිය සම්බන්ධයෙන් අවදානයට යොමු කර සිටියා. ඔවුන් පැවසුයේ වැසි දින වල මෙම තත්වය හමුවේ වාහාන ගමනා ගමනයට පවා අවදානමක් ඇති බවත් යම් විශාල අනතුරක් සිදු වු පසුව ඊට විසදුම් සෙව්ම මගින් ඵලක් නොවන බවයි.
මෙම මාර්ගයේ සකස් කිරිම වෙනුවෙන් පසුගිය රජය බලයට පත් විමට පෙර එවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මාර්ගය සැලසුම් සිදු කිරිම ආරම්භ කල නමුත් රජය පෙරලි යාම නිසා යහපාලන ආණ්ඩුවේ එවක සිටි මහා මාර්ග අමාත්‍ය කබීර් හෂිම් කෑගලු දිස්ත්‍රික් කැබිනට් අමාත්‍යවරයා විසින් මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කලේ හෙම්මාතගම නගරයට එවක හිටපු ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි කර ගෙන විශාල උත්සවයකින් අනතුරුවයි.
නමුත් මාර්ගය සකස් කිරිමේදි සමහර ස්ථාන වල නිසි කාණු පද්ධති නොමැති කමින්ද ජනතාව පිඩාවට පත් වි ඇත. වැසි දින වල මාර්ගයේ විශාල ලෙස ජලය ගලා ගෙන එන නිසා ඒවා පහත් බැවුම් වල ඇති නිවාස වලට හානි ගෙන දෙමින් පස් කදු සේදි යමින් එම නිවාස වලටද හානි ගෙන දෙන බවද ඔවුන් මැසිවිලි කියති.


හෙම්මාතගම නගරයේද මාර්ගය සකස් කිරිමේදි එහි නියමිත පළලට මාර්ගය සකස් කර නොමැති අතර මේ වන විට නගරයේ මගීන්ට ගමන් කිරිමට පදික මං තීරුවක්ද නොමැත. කුලි රථ ත්‍රීරෝද රථ යන ආදිය මාර්ගයේ නවතා ඇත්තේ නගරයට එන ජනතාවට අවහිරයක් වන ලෙසින් වන අතර පදික මං තීරු නොමැති කමින් ජනතාව එම කුලි රථ වලට ඉදිරියේ ඇති ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමද අනතුරු රැසකට බලපාන බව ජනතාව කියයි. මාර්ගයේ බොහෝ ස්ථාන වල මාර්ග සංඥා පද්ධති නොමැති කමින් පිටස්තර ප්‍රදේශ වලින් පැමිණෙන වාහාන අපහසුතාවයට ලක් වන අවස්ථාවන්ද රැසකි.
ජනතාව විසින් මාර්ගයේ පවතින අඩුපාඩු කිහිප අවස්ථාවක් එවක රජයේ බලධාරින්ට පෙන්වා දි ඇතැත් ඊට විසදුම් නොලැබුණු බවයි. කබිර් හෂිම් මහතා මෙම මාර්ගය 2019 වසරේ ජනවාරි මස විවෘත කරනු ලැබුයේ මාර්ගයේ සියලු සංවර්ධන වැඩ අවසන් කර නොතිබුණු පසුබිමක් යටතේදිය. මාර්ගය විවෘත කර තම මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට පමණක් ඔහු උත්සාහ කර තිබුණි.
මෙම මාර්ගය කොළඹ සිට මහනුවර දක්වා පැමිණෙන විට මාවනැල්ලේ සිට මහනුවර දක්වා ගමන් කිරිමේදි වාහාන තදබදය මෙන්ම ගම්පොළ සහ නුවරඑළිය, නාවලපිටිය ඇතුලු හැටන්, දොළොස්භාගය යන නගර ප්‍රදේශවලට වාහාන තදබදයකින් තොරව කෙටි ගමන් මාර්ගයක් ඔස්සේ පහසුවෙන්ම ලගා විය හැකි මාර්ගයක් වන්නේ මෙම මාර්ගයයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම මාර්ගයේ වැඩ මුලින්ම ආරම්භ වු පසුව 2015 ආණ්ඩු පෙරළියත් සමග මෙම මාර්ගය සංවර්ධනය කිරිම එජාප රජය යටතේ සිදු විය.
මාර්ගයේ සංවර්ධන වැඩ අවසන් වි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ( වර්තමාන ජනපති ) මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය 2019 ජනවාරි මස 18 වැනි දින විවෘත විය. එම අවස්ථාව සමරමින් මෙම මාර්ගයේ ආරම්භය සිදු වන පිවිසුමේ විශාල ජනතා රැළියක්ද පැවැත්විය. නමුත් මාර්ගයේ විශාල අඩුපාඩු පවතින්නේ හෙම්මාතගම සිට ගම්පොළ දක්වා මාර්ගයේ කිලෝමිටර් 14 කට ආසන්න කදු කර කොටසේය.


අජන්ත හෙම්මාතගම බලත්ගමුව
"අපි ඉස්සර ඉදන් මේ පාර හදා ගන්න ගොඩාක් උත්සාහ කලා. පාරේ වැඩ හරියට වෙන්නේ නැහැ කියලා අපිට දැනෙන හැම අවස්ථාවකම අපි බලධාරින්ට කිවා බැරි අවස්ථා වල උද්ඝෝෂණ පවා සිදු කලා. ඒ විදිහට තමයි අපි පාර හදා ගන්න දිවා රෑ මහන්සි වුනේ. මේ පාර හැදුවාට පස්සේ ලක්ෂ ගණන් මින්ස්සු මේ පාරේ යනවා. සමහර ස්ථාන පාරේ ප්‍රමිතියක් නැහැ ආරක්ෂිත වැටි නැහැ පාර හරියට තලලා බැමි නැහැ ඒ තැන් වල දැන් පාරේ ඉරි තැලිම් හා නාය යෑම් සිදු වෙනවා. ජිවිත අනතුරක් වුනාට පස්සේ මේ පාර සම්බන්ධයෙන් අපි කතා කරලා වැඩක් නැහැ. අපි කියන්නේ අනතුරක් වෙන්න කලින් පාර ප්‍රමිතියට සකස් කරන්න කියලායි. මේවා ගැන අපි කාට කිවොත් වැඩක් නැහැ. රටේ සංවර්ධන මුදල් මේ විදිහට ප්‍රමිතියකට නැති වැඩ කරන්න බලධාරින්ගේ වාසි වලට දිලා අද පාරට අත් වි ඇති ඉරණම මහා භායානක තත්වයක්.
මහජන මුදල් බදු මුදල් සල්ලි මේ විදිහට පාර ප්‍රමිතියකට සකස් නොකරාම නැවත මහජන මුදල් මේවාට නැවත යොදවන්න වෙනවා එතකොට එය විශාල හානියක්. මේක ප්‍රමිතියකට හදන්න බැරි අයට භාර දිලාද ප්‍රමිතියකට හැදුවේ නැද්ද ? නැත්නම් මේකේ මුදල් යටි මඩ් ගහ ගත්තාද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට මාර්ගයේ පෙන්න තියෙන දේ මෙහෙම නම් අනාගතයේ නොපෙනෙ දේ කොහොම වෙයිද ?"


ඩන්කන් රූපසිංහ අම්බලාව.


''මේ පාර හදපු දවසේ ඉදලා විවිධ ප්‍රශ්න ගැටලු තිබෙනවා. අපි ගමේ අය එකතු වේලා තුන් හතර සැරයක්ම උද්ඝෝෂණ කලා මේ මාර්ගය හරියට හදන්න කියලා. මේ වෙන කොට පාරේ අනතුරුදායක ස්ථාන වලට සවි කරන ආරක්ෂිත වැටි එකක් වත් නැහැ. පාර හදලා කියලා වැඩ අවසන් කරලා විවෘත කරා කියලා වැඩක් නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ දේශපාලන වෛරයකින් අර පක්ෂය මේ පක්ෂය විවේචනය කරමින් යටි මඩ් ගහ ගෙන වැඩ කරන්න දිලා බලා ගෙන ඉන්නවා.''

වැසි දින වල මාර්ගයේ බොහෝ ස්ථාන වල නාය යන අතර ඉන් එක් ස්ථානයකි මේ.

Latest