Skip to content

බීමතින් පැමිණ වෛද්‍යවරයාට පහර දීමට තැත් කළ හිටපු IP අත්අඩංගුවට.

අධික ලෙස මත්පැන් පානය කර රෝහලකට කඩා වැදී පිහියක් පෙන්වා එහි සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුට තර්ජණය කළ බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුව දෙල්විට පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 07 වැනිදා රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරු වයස අවුරුදු 60 ක් වන වලන්දෙණිය, දෙල්විට පදිංචිකරුවෙකි.

සැකකරු රාත්‍රී කාලයේ බීමතින් පිහියක්ද රැගෙන තමාගේ නිවට යාබදව ඇති දෙල්විට ප්‍රාදේශීය රෝහල වෙත ගොස් ඇත. සැකකරු රැගෙන ගිය පිහිය පෙන්වා රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයාට තර්ජනය කර ඇත. එම අවස්ථාවේ රෝහලේ සේවය කරමින් සිටි සේවකයින් විසින් මේ බව දෙල්විට පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

ඒ අනුව එම ස්ථානයට පැමිණ ඇති දෙල්විට පොලීසියේ නිලධාරීන් සැකකරුව ඔහු සතුව තිබූ පිහියද සමග අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව සැකකරුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා රිදීගම රෝහලට ඉදිරිපත් කර ඇත.

දෙල්විට පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

Latest