Skip to content

හවායි දූපත ගිලගත් ලැව් ගින්න. 80 ක් මිය ගිහින් සිය ගණනක් අතුරුදහන්.

ඇමරිකාවට අයත් හවායි දූපතේ ඇති වූ  ලැව්ගිනි තත්ත්වයෙන් ‍හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියි.

ලැව්ගිනි හේතුවෙන් මිය ගොස් සොයාගෙන ඇති මළසිරුරු වලට අමතරව තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති බවටත්  අතුරුදන් වූ හා මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවටද විදේස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ වන විට ගිනි ගැනීමට ලක්වූ ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, නගරයේ වඩාත්ම පීඩාවට පත්වූ පුද්ගලයන් සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් විසින් මෙහෙයුම් ද ආරම්භ කර ඇත.

ලැව්ගිනි හේතුවෙන් වැඩම හානියක් සිදුව ඇත්තේ හවයිනා දූපතේ ලහයිනා හී පිහිටි බටහිර මවුයි නගරය වන අතර එහි  මේ වනවිටත් විදුලිය හා ජලය පහසුකම් සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇති බවටත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් සිටින බවටද වාර්ථා වෙයි.

ඉතිහාසයේ සිදුවූ දරුණුුතම ඛෙදවාචකය මෙය වන අතරම මෙලෙස ලැව් ගින ඇති වීමට නිශ්චිතවම හේතුන් හඳුනාගෙන නොමැති වුවද හවායි වෙතට පසුගිය කාලයේදී බලපෑ අධික පෑවිල්ල මෙම ලැව් ගින ඇති වීමට හේතුව බවටද විශේෂඥයන් පෙන්වා දෙයි.

වසරකට සංචාරකයින් මිලියන දෙකක් පමණ ආකර්ශනය වන වෙරළබඩ නගරයක් වන ලහයිනා ගී ගොඩනැගිලි 1,000කට අධික ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් සම්පූර්ණයෙන්ම විණාශ වී තිබේ.

Latest