දකුණු ඉන්දීයාවේ,රාමේශ්වරන් ප්‍රදේශයේ වලෙයිකුඩා මුහුදු වෙරළට කිලෝග්රැම් 1,500 ක් පමණ බරැති මියගිය මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගැසීම හේතුවෙන් මුහුදේ ආරක්ෂා කළ යුතු සත්ව කොටස් රැසක්ම විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ දැඩි අවධානමක් පවතින බවට වෙරලාරක්ෂක නිලධාරීන් වනජීවිනිලධාරීන් පවසා සිටිති..
Lady of the sea ජනප්‍රවාදයේ එන ඉංග්‍රීසි බසින් "ඩියුගොන් (Dugong)" ලෙස හඳුන්වන මුහුදු ඌරා, සිරේනියා (Sirenia) ගෝත්‍රයට අයත් වේ. විද්‍යාත්මකව Dugong dugon ලෙස හඳුන්වන මුහුදු ඌරා; ඩොල්ෆින්, තල්මසුන් මෙන් තම පැටවුන්ට කිරි දී ඇති දැඩි කරන, සමුද්‍ර තෘණ බිම් (Seagrass beds) ආශ්‍රිතව වාසය කරන සත්ත්වයෙකි.
කෙසෙි වෙතත් පසුගියදා අඩි අටක් පමණ දිගින් යුතු මියගිය මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට ඉන්දියාවේ ධීවරයින් පිරිසක් දැක පසුව ඒ පිළිබඳ වෙරලාරක්ෂක නිලධාරීණ්ට සහ වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබුණි.


ඉතා දුර්ලබ ගනයේ සත්ව කොට්ඨාශයක් ලෙසින් සැලකෙන මෙම මුහුදු ඌරා මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර නැවක ගැටීමක් හේතුවෙන් මියගොස් වෙරලට ගොඩගසන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ ක ළ අතර මිය ගිය මුහුදු ඌරාගේ අවසන් කටයුතු එම වෙරල තීරයේම සිදුකිරීමට පියවර ගත් බවටත මීට පෙර දිනකදීද මිය ගිය මුහුදු අශ්වයෙකුගේ මළසිරුරුක්ද වලෙයිකුඩා මුහුදු තීරයට ගොඩගසා තිබූ බවට ප්‍රදේශභාර වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.


Dugong යන ඉංග්‍රීසි වචනය මැලේ භාෂාවෙන් දිය කිඳුරු ජනප්‍රවාදය හා සම්බන්ධව "සාගරයේ කාන්තාව (Lady of the sea)" යන තේරුම ඇති නමක් ලෙසද සඳහන් වේ.
ලංකාවේ වයඹ දිග හා උතුරු මුහුදු තීරයන්හි, මන්නාරම් බොක්ක ආශ්‍රිතව හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අතීතයේ මුහුදු ඌරන් බහුලව දක්නට ලැබුණි. නමුත් මස් පිණිස දඩයම් කිරීම නිසාම මේ වන විට එම ප්‍රදේශ වලින් මුහුදු ඌරන් දැඩිව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මේ නිසාම වර්ෂ 1970 දී මුහුදු ඌරන් මස් පිණිස දඩයම් කිරීම තහනම් කළත්, තවමත් දැල් වලට පැටලීමෙන් මෙන්ම නීති විරෝධී ඩයිනමයිට් පිපිරවීමෙන් මසුන් ඇල්ලීමත් නිසා මුහුදු ඌරන් නිතර අනතුරට පත්වේ.


ඒ අනුව මුහුදු ඌරා ශ්‍රී ලංකාව අවට මුහුදේ හමුවන මුහුදු ක්ෂීරපායින් අතරින් වඩාත්ම තර්ජනයට ලක්වූ ක්ෂීරපායි විශේෂයයි.
අන්තර් ජාතික රතු දත්ත පොතට අනුව 'අනතුරට ලක්විය හැකි (Vulnerable )' ලෙස වර්ගීකරණය කර ඇති මුහුදු ඌරා ලංකාව අවට 'වඳ වී යෑමේ උග්‍ර තර්ජනයට ලක්වූ (Critically endangered)' ලෙස සැලකිය යුතු බව ලාංකික සාගර විද්‍යාඥයන්ගේ මතයයි.