Skip to content

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඉවත්ව යයි.

ජනාධිපතිවරයා විසින් ඉවත්වන ලෙසට සිදුකළ දැනුම්දීම මත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආණ්ඩුකාර කාර්යාලයෙන් ඊයේ(16) සවස නික්ම ගොස් තිබිණ.

උතුර,නැගෙනහිර හා වයඹ පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙසට ජනාධිපතිවරයා නියෝග කොට තිබු අතර, අද(17) දිනයේ අදාළ පළාත් තුන වෙත නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා මහතාද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මියද, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ මහතාද කටයුතු කරනු ලැබීය.

ගෝඪාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ අවදියේ උතුර, නැගෙනහිර හා වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් පත්කොට තිබිණ.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා හා වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුවමාරු වි තිබිණ.

Latest