දේශීය කිරි අවශ්‍යතාවයෙන් දෛනිකව මෙරට එකතු වන්නේ 40% ක ප්‍රමාණයක් පමණක් බව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබදව කාර්ක සභාවේදී අනාවරණය විය.
රජයේ ගිණුම් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීමෙම තොරතුරු අනාවරණය වී ඇත.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019/20 සහ 2021 වසර වල රජයේ විගනකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබදව පරීක්ෂා කිරීම සදහා කෝපා කමිටු කැදවා තිබුණි.මෙම තොරතුරු අනාවරණය වූයේ එම අවස්ථාවේදීය.
වර්තමානයේ රටේ කිරි අවශ්‍යතාවය සපුරාලීම සදහා ගෙන ඇති පියවර කවරේදැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය."දිනකට කිරි ලීටර් 100 බැගින් ලබා දිය හැකි සත්ත්ව ගොවිපලවල් 15,000 ක් රට පුරා ස්ථාපනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු මේ දිනවල කරගෙන යනවා.මේ වන විටත් ගෙවිපලවල් 2000 ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා."කෝපා කමිටුවේ සභාපතිවරයාගේ පැනයට පිළිතුරු දුන් නිලධාරීන් කියා සිටියේය.
ඉඹුල්දණ්ඩ අභිජනන මධ්‍යස්ථානය සදහා එළුවන් ආනයනය කිරීමට 2017 වර්ෂයේදී අනුමැතිය ලබා දී ඇත.නමුත් එළුවන් ආනයනය කර ඇත්තේ 2019 වසරේදීය.එම ප්‍රමාදය හේතුවෙන් රුපියල් 23,11,760 ක අමතර මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇත.විනිමය වෙනස් වීම ඊට හේතුව වී ඇති බවද මෙහිදී හෙලි විය.එමෙන්ම එසේ ගෙන්වන ලද එළුවන් 100 දෙනා අතරින් නීරෝධායන කාලසීමාවේදී සතුන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව කෝපා කමිටුවේදී අනාවරණණය වී ඇත.
ඊට හේතුව කවරේදැයි පැහැදිලි කරමින් වාර්තාවක් ලබා දෙන ලෙසද කෝපා කමිටුවේ සභාපතිවරයා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදි.
කරදගොල්ල සත්ත්ව පාලන මධ්‍යස්ථානය විසින් පවත්වා ගෙන යන ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදි. මෙම පාඨමාලාව සදහා වසරකට සිසු සිසුවියන් 100 දෙනෙකුට ලියාපදිංචි වීමට හැකියාව ලැබෙනවා. ලියාපදිංචි වන එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 26 කට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී හෙලි විය. නමුත් අවසනාවකට ඩිප්‍මොව අවසන් වීමට පෙර බොහෝ සිසු සිසුවියන් පාඨමාලාව හැර යන බවට හදුනා ගෙන ඇති බවද මෙහිදී හෙලි විය. පාඨමාලාවට එකතු වන බොහෝ සිසු සිසුවියන්ට අතර මගදී වෙනත් රැකියා ලැබීම ඊට හේතුව බවද කෝපා කමිටුවේදී අනාවරණය වී ඇත.
මෙම තත්ත්වයට විසදුමක් ලෙස කළ යුත්තේ ඩිප්ලෝමා පාඨමාලාවට සහභාගි වන සිසු සිසුවියන් හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර සවිමත් ගිවිසුමක් සකස් කිරීම කළ බව කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට අධ්‍යයන,අභ්‍යස හෝ රාජකාරි සදහා විදේශ ගතවී ඇති නිලධාරීන් 09 දෙනෙකු නැවත සේවයට වාර්තා කර නොමැති බව මෙහිදී හෙලි විය. මෙම තත්ත්වය නිසා එම නිලධාරීන්ගෙන් රුපියල් 3,995,000 ක මුදලක් ආපසු අය කර ගැනීමට නොහැකි වී ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සකස් වෙමින් පවතින බවද කමිටුව හමුවේ අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේය.

