Skip to content

ඩි.එස් පුරවැසි පනත වතුකරය හොල්ලයි.ඒ හරහා තමිල් අරසු කච්චියත් බිහිවෙයි

ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව 

1947 වසරේ මැතිවරණය තුලින් එක්සත් ජාතික පක්ෂය බලය පිහිටවුවද  මැතිවරණයේදී වතුකරය හා උතුරු පළාතේ බලය සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයට අහිමි විය. එහිදී මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකික දෙමල ප්‍රජාව සේම ඉන්දියානු සම්බවයක් සහිත දෙමල ප්‍රජාව දැඩි ලෙසම එක්සත් ජාතික පක්ෂ විරෝධී පිළිවෙතක් අනුගමනය කර තිබිණි.ඒ අනුව වතුකරයේ සියලු ආසන ලංකා ඉන්දියානු කොන්ග්‍රසය ජයගත් අතර ඉන්දියානු සම්බවයක් සහිත ජනතාව සුළුතරයක් විසු අසන වලදී එම ජනතාව 1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී වාමාංශික අපේක්ෂකයින්ට චන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කොට තිබිණි.
මේ සදහා දිය හැකි හොදම නිදසුන් වන්නේ 1947 මැතිවරණයේදී වතු කම්කරුවන් සුළුතරයක් ජිවත් වූ බදුල්ල , මහනුවර වැනි මැතිවරණ කොට්ටාශ වලින් ටි.බි ඉලංගරත්න හා ජේ.සි.ටි. කොතලාවල වැනි වමේ නායකයින් ජය ගැනීමයි.මේ සියල්ල දෙස විමසිලිමතව නිරීක්ෂණය කර තිබු ඩී.එස්. සේනානායක මහතා වරක් සිදුවූ දෙය තවත් වරක් වීමට ඉඩ නොතබා කටයුතු කිරීම ආරම්භ කරන ලදී.
ඒ අනුව 1948 පුරවැසි පනත ගෙන එමින් ඉන්දියානු සම්බවයක් සහිත වතු කම්කරුවන් සර්ව ජන චන්ද බලය අහෝසි කිරීමට කටයුතු කරන ලදී. එහිදී ඩී.එස්. සේනානායක මහතා බලාපොරොත්තුවූ ප්‍රතිපලය 1952 මැතිවරණයේදී එලෙසම ලැබුනද ඒ වන විට ඩී.එස් සේනානායක මහතා ජිවතුන් අතර නොසිටියේය.
එම ප්‍රතිපලය හොදින් තේරුම් ගැනීමට 1947 මැතිවරණයේ ප්‍රතිපලය හා 1952 ප්‍රතිපලය සලකා බැලිය යුතුය. ඒ අනුව මුලින්ම 1947 මැතිවරණ ප්‍රතිපලය සලකා බලමු.

1947 මැතිවරණ ප්‍රතිපලය

කොටටගල මැතිවරණ කොට්ඨාශය   - කේ . කුමරවෙලු        - ල.ඉ.කො  පක්ෂය
මස්කෙළිය   ,,             ,,                    - පි .ආර්.මෝතා           -     ,,           ,,
බණ්ඩාරවෙල  ,,           ,,                   - කේ.වී.නඩරාජා         -    ස්වාධින
නාවලපිටිය     ,,           ,,                   - කේ.රමලිනගම්         - ල.ඉ.කො පක්ෂය
නුවරඑලිය      ,,           ,,                    - එස්.තොන්ඩමන්       -    ,,          ,,
බදුල්ල (බහු අසන )      ,,                   -එස්  .එම.පි.සුබ්බයියා -  ,,         ,,
වශයෙන් එම මැතිවරණයේදී අසන 6 න් 5ක් ම ල.ඉ.කො. (ලංකා ඉන්දියානු කොන්ග්‍රසය) ජයගන්න ලදී. නමුත් මෙම ප්‍රතිපලය සම්පුර්ණයෙන්ම කණපිට පෙරලීමට 1948 ගෙන එන පුරවැසි පනතෙන් හැකි වන අතර එහිදී 1952 මැතිවරණයේදී ඩි.එස්. සේනානායක මහතා බලාපොරොත්තු වූ ආකාරයේප්‍රතිපලයක් ලැබී තිබුනේ මෙලෙසිනි.

1952 මැතිවරණ ප්‍රතිපලය
කොටටගල මැතිවරණ කොට්ඨාශය - යු.බි.උනම්බුව      - එ.ජා.ප
මස්කෙළිය   ,,             ,,                  - පි.එච්.සි.සිල්වා     -   ,,
බණ්ඩාරවෙල,,             ,,                 - කේ.වී.ඩි.සුගතදාස -   ,,
නාවලපිටිය   ,,             ,,                 - ආර්.ඊ.ජයතිලක    - කම්කරු
නුවරඑලිය     ,,             ,,                 - ජි.පි.සුමනතිලක    - එ.ජා.ප
බදුල්ල (බහු අසන )       ,,                - එස්.ඒ.පිරිස්          -  ,,
ඒ අනුව වතුකරයේ ජනතාවට චන්ද අයිතිය අහිමි කරමින් ගෙන ආ පුරවැසි පනතේ ප්‍රතිපල ඉහත තොරතුරු වලින් මනා ලෙස වටහා ඇත හැකිවනු ඇත. 1947 වතු කම්කරුවන්ට චන්ද අයිතිය පැවති කාලයේ අසන 6න් පහක් ලංකා ඉන්දීය කොන්ග්‍රසය දිනු අතර 1948 පුරවැසි පනත ගෙන එමෙන් අනතුරුව 1952 මැතිවරණයෙන් එම ප්‍රතිපලය සම්පුර්ණයෙන් වෙනස්වී එම අසන 06 න් 05කම එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.
මෙම පුරවැසි පනත එදා සිංහල දේශපාලනයට වැසි සහගත වුවද එය බහුවාර්ගික රටක් වූ මෙරට දේශපාලන ක්‍රමය අවුල් කරවන සුළු විය. දෙමල කොන්ග්‍රසය මෙහිදී පුරවැසි පනත හමුවේ අර්බුධකාරී තත්වයකට පත් විය.ඒ වනවිට දෙමල කොන්ග්‍රසය ආණ්ඩුවට සහය පල කල අතර එම නිසාම පුරවැසි පනත නිසා ලංකා දෙමල කොන්ග්‍රසය මහත් අර්බුධ රැසකට මුහුණ දුන්නේය.
මෙම ගැටලුව හේතුවෙන් ලංකා දෙමල කොන්ග්‍රසයේ මුල් පෙළ නායකයින් දෙදෙනකු වූ එස්.ජේ.වී.චෙල්වනායගම් හා වන්නියන්සින්ගම් යන නායකයින් ලංකා දෙමල කොංග්‍රසයෙන් ඉවත් විය.

එස්.ජේ.වී.චෙල්වනායගම්

ඔවුන් එහිදී පුරවැසි පනතට එරෙහිව චන්දය භවිතා කරන ලද අතර ඒ වනවිටත් ආණ්ඩුවට හේත්තුවී අමතිපදවියක් ලබාසිටි සි. සුන්දරලිංගම් මහතාද සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී එම පුරවැසි පනතට එරෙහිව චන්දය භාවිත කරන ලදී.
පුරවැසි පනත මුල්කරගෙන් දෙමල නායකයින් අතර හට ගත අර්බුධ ඉන් නොනැවතුණු අතර සමස්ත ලංකා දෙමල කොංග්‍රසයෙන් ඉවත්වූ එස්.ජේ.වී.චෙල්වනායගම ඇතුළු පිරිසක් එක්ව ''තමිල් අරසු කච්චි'' දේශපාලන පක්ෂය පිහිටවන ලදී.එහිදී චෙල්වනයගම්ලාගේ මුලික ඉල්ලීම වුයේ දෙමල ජනතාව වෙනුවෙන් වෙනම පාලන ක්‍රමයක් ලබා ගැනීමයි. මේ අයුරින් ඇතිවූ දේශපලන තත්වයන් ඊළාම් සටනේ උපත ලෙසද ද්ක්ක්විය හැකිය.

Latest