2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 6230 ඉක්මවා ඇති අතර, සැකකරුවන් නව දෙනෙක් (09) සහ ඩිංගි යාත්‍රා තුනක් (03) අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.
තවද, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට බීඩි කොළ රැගෙන ඒම අධෛර්මත් කිරීමත්, නීතියානුකූල ක්‍රමවේදයට අනුකූලව බීඩි කොළ ආනයනය කිරීම දිරිමත් කර රජයේ බදු ආදායම ශක්තිමත් කිරීමත් වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබන අතර, අගෝස්තු මාසය තුල පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය මඟින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 37 කට අධික වෙතැයි නාවික හමුදාව පෙන්වා දෙයි.




එහිදී 2023 අගෝස්තු මාසය තුළ ශ්‍රී ලංකා නාවික නෞකා විජය, තම්බපන්නි, කැළණි, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන් විසින් බටහිර සහ වයඹ මුහුද හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ 6230 සහ ග්‍රෑම් 570 තොගයක් සමඟ සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් නව දෙනා (09), බීඩි කොළ කිලෝ ග්‍රෑම් හය දහස් දෙසිය තිහක් (6230) සහ ග්‍රෑම් පන්සිය හැත්තෑවක (570) තොගය සහ ඩිංගි යාත්‍රා තුන (03) ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල බලධාරීන් වෙත භරදීම සිදුකෙරිණි.

