Skip to content

පාස්කු ප්‍රහාරයේ නවුෆර් මව්ලවි ඇතුළු 24 කට එරෙහි චෝදනා කියවා අවසන්.නඩු විභාගය ඔක්තෝම්බර් 10!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ  නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොණු කළ  නඩුවේ චෝදනා කියවා දීම අවසන් කර තිබේ.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදීයි එම නඩුව කැඳවනු ලැබුවේ.

මෙම නඩුවේ විත්තිකරුවන් විසි හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණුකර තිබූ අතර , දින පහක් තිස්සේ සිදු කෙරුණු චෝදනා කියවා අවසන් කෙරුණු අතර, විභාගය සඳහා නඩුව ඔක්තෝබර් මස 10 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා වෙත අධිකරණය විසින් සිතාසි ද නිකුත් කෙරුණි.

Latest