Skip to content

උගන්ඩාවේ පාසලකට එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය.

උගන්ඩාවේ කොංගෝ රාජ්‍යට අයත්  බටහිර උගන්ඩාවේ පාසලකට ත්‍රස්ත කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයකින් පාසල් සිසු දරුවන් ඇතුලු මියගිය සංඛ්‍යාව 41 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි..

මිය ගිය පිරිසෙන් 39 දෙනෙකුම පාසල් සිසු සිසුවියන් වන අතර අනෙක් දෙදෙනා පාසලේ රැඳී සිටි සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු බවටත් ප්‍රහාරයෙන් සිසුන් 08 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බවටද සඳහන්.

ත්‍රස්ත කැරලිකරුවන් විසින් ප්‍රහාරයෙන් පසුව පාසලේ සිටි 06 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවටත් එම 06 දෙනාම සිසුවියන් බවටද අනාවරනය වී ඇත.

කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම පාසලට රාත්‍රී කාලයේ කඩා වැදුණු මෙම කැරලිකාර ත්‍රස්ත කණ්ඩායමේ 20 දෙනෙකු පමණ පළමුව පාසලේ සිසු දරුවන් රැඳී සිටි නේවාසිකාගාරයට පෙට්‍රල් දමා ගිනිතබා ඇති අතර එහිදී කලබලවී ඒ මේ අත දිව ගිය සිදු දරුවන්ට වෙඩි තැබීම සහ තියුණු ආයුධ වලින් පහරදී ඝාතනයන් සිදුකොට ඇතැයිද විදෙස් මාධ්‍ය අනාවරනය කොට සිටියි.

මෙම නේවාසිකාගාරයේ පාසල් දරුවන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර ප්‍රහාරයෙන් දරුවන් පිරිසක් දිවිගලවාගෙන ඇති අතර ඔවුන්ගේ මානසිකත්වය යථාතත්වයට පත්කිරීමට නිලධාරීන් දැඩි උත්සහයක නිරත වන බවටද වාර්ථා වෙයි.

මෙම කුරිරු ප්‍රහාරය අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට අනාවරනය වී ඇතැයිද ප්‍රදේශයේ මේ වන විට පුලුල් ආරක්ෂාවක්ද සපයා ඇති අතරම සාමාන්‍ය ජනතාව සන්සුන් කිරීමටද එරට ආරක්ෂක අංශ දැඩි ප්‍රයත්නයක් දරන බවටද විදේස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරනය කරයි.

Latest