Skip to content

බොල්ගොඩ ගඟේ විනෝදයට ජෙට්ස්කි පදින්න ගොස් අතුරුදහන් ව්‍යාපාරිකයාගේ සිරුර සොයා ගනී.



පානදුර බොල්ගොඩ ගඟේ  jet ski බෝට්ටු පදිමින් සිටිය දී සිදුවු අනතුරකින් පසුව අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පානදුර දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටී එෂාන් විතාන නමැති 42 හැවිරිදි අවිවාහක ව්‍යාපාරිකයෙකි.

එම  ව්‍යාපාරිකයා  පුරුද්දක් ලෙස රස්කින් දූපත ආසන්නයේ  විවේකදිනවලබොල්ගොඩ ගංගාවේ විනෝදාංශයට ජෙට් ස්කි   පදින අයෙකු බවයි .

ඔහු අද දිනයේද jet ski පදිමින් විනෝද වෙමින් සිටියදී  ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයක ගැටී සිදුවු අනතුරෙන් පසුව දියේ ගිලී තිබේ.

ධීවර යාත්‍රා සහ jet ski මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පසුව සිරුර සෙවීමේ නිරත පුද්ගලයන් විසින් පස්වරුවේ එම ව්‍යාපාරිකගේ සිරුර සොයාගෙන දිග්ගල තොටුපොළට රැගෙන විත් ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළහ.

පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Latest