Skip to content

'කළු ගග රළු වෙයි' රත්නපුරයට ගංවතුර තත්ත්වයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රත්නපුර දිසා ලේකම් වසන්ත ගුණරත්න මහතා සදහන් කරයි.

පවතින වැසි හේතුවෙන් කළු ගගේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.කළු ගග පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම හේතුවෙන් පවුල් 32 ක පුද්ගලයින් 109 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.මෙම තත්ත්වය වැලිගෙපොල, කුරුවිට, ඇලපාත, බලංගොඩ, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඇහැළියගොඩ, කහවත්ත හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  වලට බලපෑම් ඇති කර ඇති බව දිසා ලේකම්වරයා සදහන් කරයි.

ආපදාවට ලක්වූවන්ට කඩිනමින් සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇතැයිද දිසා ලේකම්වරයා සදහන් කරයි.

පවතින වැසි හේතුවෙන් නිවාස 13 කට අර්ධ හානි සිදුවී ඇති බවත්,කුරුවිට - වතුයාය ප්‍රදේශයේ ඉව්රක් කඩා වැටීමෙන් 86 හැවිරිදි කාන්තාවක් සහ වර්ෂාවත් සමග ගලක් පෙරළී යාමෙන් ඇහැලියගොඩ - හිදුරංගල පදිංචි 34 හැවිරිදි ගැබිණි කතක් තුවාල ලබා ප්‍රතිකාර සදහා රත්නපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කළු ගගේ ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්,ජල මට්ටම මීටර් 5.2 ක ප්‍රමාණය සුළු ගංවතුර තත්ත්වයක් බවත්,මීටර් 7.5 ක ප්‍රමාණය ගංවතුර මට්ටමක් ලෙසත් මීටර් 10.5 අති විශාල ගංවතුර තත්ත්වයක් ලෙස සළකන බවයි ආපදා කළමණාකරන ඒකකය සදහන් කළේ.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයෙකින් පසුවිය යුතු බවද රත්නපුරය දිසා ලේකම් වසන්ත ගුණරත්න මහතා සදහන් කරයි.

Latest