Skip to content

වසරේ හොඳම සත්ව හිමිකම් පිලිබඳ චිත්‍රපටය ?

People for the Ethical Treatment of Animals හෙවත් PETA සංවිධානය Marvel Studiosහි ප්‍රකට අධ්‍යක්ෂක ජේම්ස් ගන් විසින් අධ්‍යක්ෂණය කරන ලද Guardians of The Galaxy: Volume 3 චිත්‍රපටය  වසරේ හොඳම සත්ව හිමිකම් පිළිබද චිත්‍රපටය ලෙස නම් කොට තිබෙනවා.

මෙයට හේතුව ලෙස Rocket නමැති රැකූන් සත්වයා හරහා ලබා දෙන පණිවිඩය ඔවුන් සඳහන් කොට ඇත.

Rocket Racoon යනු Guardians of The Galaxy චිත්‍රපටි ඔබ නරඹා ඇත්නම් අමුතු චරිතයක් නොවේ. කෙටියෙන් පැවසුවොත් ඔහු මිනිස් ජාන එකතු කරන ලද, කතා කළ හැකි, මිනිසෙකු මෙන් හැසිරෙන රැකූන් කෙනෙකි.

Guardians of The Galaxy: Volume 3 චිත්‍රපටය හරහා හමුවෙන නවතම දුෂ්ට චරිතය High Evolutionary යනු සත්වයන් හට නොයෙකුත් පරීක්ෂණ කොට ඔවුන් මිනිසුන් මෙන් නිර්මාණය කරනු ලබන ඉතාමත් අවුල් සහගත විද්‍යාඥයෙක් ලෙස හදුන්වා දිය හැක. ඔහුගේ එවැනි විකෘති නිර්මාණ රැසක් ඇතුළුව Counter Earth නම් ග්‍රහයෙක් ද ඇත. Marvel Comics හීදී මෙම ග්‍රහයා Half World ලෙසද හදුන්වනු ලැබේ.

Rocket යනු මෙම පරීක්ෂණ අතරතුරදී පැන ගිය සත්වයෙකි. පසුව ඔහු Groot සමග නොයෙකුත් සොරකම් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව Guardians of The Galaxy බිහිවන්නේ ඒ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයක සිටි කිහිපදෙනෙකුගේ එකතු වීමකිනි.

Guardians of The Galaxy: Volume 3 චිත්‍රපටය හරහා රොකට්හට ඔහුගේ පරණ හතුරා නැවත හමුවේ. ඔහුව පරාජය කිරීම මෙවර ඔවුන්ගේ අරමුණ වේ. රොකට් පවසන ආකාරයකට High Evolutionary යනු යම් දෙයක් එය පැවති ආකාරයට ආසා වූ පුද්ගලයෙකු නොවේ. එම නිසා ඔහු විවිධ විකෘති පරීක්ෂණ සිදු කරන ලදී.

ROCKET IN AVENGERS: ENDGAME

PETA සංවිධානය පවසන්නේ රොකට් මගින් ලොවටම දෙන පණිවිඩය වන්නේ සත්වයෙක් ගැන පරීක්ෂණ කළ හැකි පමණින් ඒවා අප කළ යුතු යැයි අදහස් නොකරන බවයි.

"Through Rocket, James Gunn has put a face, a name, and a personality on the millions of vulnerable animals being cycled through laboratories as we speak..."

PETA සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලීසා ලෑන්ග් තවදුරටත් සඳහන් කරන ලදී.

මීට අමතරව පසුගිය Marvel චිත්‍රපටි සමග සසදන විට Guardians of The Galaxy: Volume 3 චිත්‍රපටය ඉතාමත් හොද චිත්‍රපටයක් බවටද බොහෝ විචාරකයන් පවසනු ලැබේ.

Latest