Skip to content

ආදරය නිසා මරණය තිළිණ කළ ප්‍රේමණීය අන්දරය

Phobia නැත්නම් භීතිකාවක් කියන්නෙ යම් වස්තුවක් හෝ තත්වයක් පිළිබඳ නිරන්තරව ඇතිවන අධික බියක් ඔස්සේ ඇතිවෙන කාංසාවක්. මේක එක්තරා විදිහක මානසික ව්‍යාකූලත්වයක් විදිහකට හඳුන්වන්නත් පුලුවන්.

Sociophobia, Astraphobia, Necrophobia, Claustrophobia, Chemophobia, Hydrophobia, Zoophobia වගේ විවිධ මානසික ව්‍යාකූලතා තියන පුදගලයො අපි අතරත් ඉන්න පුලුවන්. සමහරවිට මේ සටහන ලියන මමත් කියවන ඔබත් කුමක් හෝ ආකාරයක මානසික ව්‍යාකූලතාවකින් , ආතතියකාන් හෝ භීතිකාවකින් පෙලෙන කෙනෙක් වෙන්නත් පුලුවන්.

තමන් කලාකාරයෙක් කියලා කියා ගත්ත පලියට කලාකාරයෙක් වෙන්න හැම මනුස්සයෙක්ටම බැහැ. කලාකාරයෙක් කියන්නේ ජීවත්වෙන සමාජ වපසරිය ඇතුලේ මොන තරම් හැල හැප්පීම්, ගැටීම් තිබුනත් තමන්ගෙ නොසන්සිදෙන ආශාව, ෆැෂන් එක තමන්ගේ අයිකන් එක කරන් ජීවත්වෙන කෙනෙක්ට. භාවිතා කරන මාධ්‍ය මොකක් වුනත් තමන්ටම ආවේණික වෙච්ච ආරකට මිනිස්සුන්ට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව කලාකාරයෙක් නොවන කලාකාරයෙක්ට තියනවා. ඒ හැකියාව ලූකාට ලස්සනට පිහිටලා තිබුනා.

රුපාරමු ගොඩකින් මවාපාන ජිවිතයක් අපි ගතකරන සාමාන්‍ය ජිවිතයට සමීප බවක් දැනෙනවනම්, ඒ ෆිල්ම් එක ඇතුලේ ලියවිලා තියෙන්නේ තමන්ගේ කතන්දරේ කියලා ඕන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් මටත් ඒ වගේ වෙන්න ඕනි කියල කාටහරි හිතෙන්න පුළුවන්.

හැබැයි සමස්ථ ෆිල්ම් එකක අන්තර්ගතයකට සම්පුර්ණයෙන්ම එකඟවෙන්නනම් ඒ හැඟීම ආත්මයට බද්ධ වෙච්චදෙයක් වෙන්නම වෙනවා. ෆිල්ම් එකේ ජීවත්වෙන චරිතේ සම්පුර්ණයෙන්ම විඳින්නනම් අපිට ඒ යථාර්තය එක්ක ජීවත්වෙලා බලන්නම සිද්දවෙනවා.

Arun Bose ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමා රසිකයන් හොඳටම අඳුරන Tovino Thomas සහ සුරූපී Ahaana Krishna.

ලූකාගේ ලයිෆ් ස්ටෝරි එක ඇතුලේ දිගැරෙන්නෙ ටිකක් අමුතු ආදරයක්. සාමාන්‍ය හිතකට දැනෙන මානුෂීය හැගීමක් මරණය ඇතුලේ ජීවත් කරවන්න තරම් ඒ ආදරය හරිම පොහොසත්. කිසිම කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහේ මානුෂීය ආදරයක්.

මුණට නැගෙන අව්‍යාජ අව්‍යාජ හිනාවක් එක්ක පිටු කියවමින්, පෙරලමින් ආදරය නැවත නැවතත් ස්මරණය කරමින් ලූකා විසින් නිහාරිකාගෙ අවංක ආදරය ශරීරගත කරගන්නවා. නිහාගේ ආදරේ වෙනුවෙන් බැඳෙන හීනයක් ඇතුලෙම ලූකා ආදරෙන් මියැදෙනවා.

ලූකා කියන්නේ එක්තරා විදිහකට ජිවිතේ යාථර්තය අමතක කරවලා ෆැන්ටසිය උඩ අපිව අතරමං කරවන විදියෙ ෆිල්ම් එකක්. ඉතින් අකුරු කරන්න බැරි ගුප්ත හැඟීමක් එක්ක ෆිල්ම් එකේම ඩයලොග් එකකින් මම මේ සටහනට තිත තියනවා.

“හොද යාලුවෙකුයි හොද සහකරුවෙකුයි අතර ලොකු පරතරයක් නෑ.
දවසක තේරුම්ගනියි. පැය දහයක් වැතිරිලා ඉන්න ගෑනියෙක් නෙමෙයි,විනාඩි දහයක් ළගට වෙලා කතා කර කර ඉන්න පුලුවන් යාලුවෙකුයි ජීවිතයට ඕනෙ කියලා. "

Latest