Skip to content

අළු බඳුනේ වංශ කතාව

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) දින එංගලන්තයේදී ආරම්භ වෙද්දි එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටය.

2021 වසරේ  අළුබඳුන තරඟාවලියේ එංගලන්තය සමඟ අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 5න් 4ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූ අතර මෙවර ටෙස්ට් තරගාවලියටද තරග 5ක් ඇතුළත් වෙයි.

ක්‍රිකට් වංශ කතාවේ පැවැත්වෙන බොහොම ගරු ගාම්භීර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් වන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරඟාවලියයි. එය ලෝකයාම බලාසිටින ලෝකකුසලානයක් හා සමනයි කිවහොත් නිවරදිය. ඒ නිසාම මේ කියන්න හදන්නේ අළුබඳුනේ ඉතිහාසය එක්ක බැඳිච්ච රසවත් තොරතුරු කීපයක්.

අළු බඳුනේ ආරම්භය

ක්‍රිකට් හොයාගත්ත එංගලන්තෙ සහ එවකට දෙවැනි තැන හිටපු ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් මැච් එක පවත්වන්නෙ 1870 ගණන් වලදි. නමුත් මේ අළුබඳුන කරලියට එන්නේ 1882 වසරේ.ඒ ඕස්ට්‍රේලියාව පළමුවතාවට එංලන්තය පරාජය කිරීම නිසා. මේ තරඟයෙන් එංගලන්තය ලද පරාජය නිසාම එංගලන්ත ප්‍රේක්ෂකයින්ට ඉන්දියාව පකිස්තානය අතර ප්‍රේක්සකියන් තරම් නොවුනත් යම්  කුපිත වීමක් වෙනවා. මේ නිසාම එංගලන්ත මාධ්‍ය වගේම විවිධ විචාරකයින් එංගලන්ත ටීම් එක පතුරු ගහනවා. ඒ එංගන්ත ක්‍රිකට් මිය ගියාය, මළ සිරුර පුළුස්සලා අලු ටික ඕස්ට්‍රේලියාවට ගෙනියන්න නියමිතය ආදි වශයෙන් කියාය. මේ එක් කියමනකි.

ඒවගේම තමයි පැරදිච්ච ටෙස්ට් මැච් එකේ විකට්ටුවේ බේල්ස් පුච්චලා බෙල්ස්වල අලු දාපු කුඩා බඳුනක් එංගලන්ත ක්‍රිකට් නායකයට තෑගි තෑග්ගක වශයෙන් දුන් බවටද ඉතිහාසයේ සඳහන් වෙනවා.

එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒ තෑගි කරපු කුඩා කුසලානය නිසාඅලු බඳුන තරඟාවලිය බිහිවුනු බවට බොහෝ දෙනා අනුමාන කරයි. පැරදුනු එංගලන්තය ඕස්ට්‍රේලියාවට ගිහින් රිදෙන්නම ගහලා නැවත එංගලන්තයට ඒමත් සමග එරට ප්‍රීතිඝෝෂා ඇරඹීමෙන් ආරම්භ වූ අළු බඳුන තරඟාවලිය තමයි සිය වසකටත් අධික කාලයක් තිස්සේ මේ වන විටත් පැවැත්වෙමින් යන්නේ.

ලොකුම ටෙස්ට් ජයග්‍රහණ වාර්තාව

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරඟයකදී කණ්ඩායමක් ලබපු ලොකුම ජයග්‍රහණය වාර්තා වී ඇත්තේද අළුබඳුන තරඟාවලියකදී. ඒ  ඉනිමකින් සහ ලකුණු 579කින් ඕස්ට්‍රේලියාව පරද්දලා එංගලන්තය ජය ලැබීමය. 1938 වර්ෂයෙදි පවත්වපු මේ තරඟෙදි මුලින්ම පන්දුවට පහරදෙන එංගලන්තය කඩුලු 7කට ලකුණු 903ක් රැස් කරනවා. මේ ඉනිමෙදි ලෙන් හට්න් ලකුණු 364ක් ලබා ගන්නවා. ඕස්ට්‍රේලියාවට ඉනිම දෙකේදීම රැස් කරන්නට ලැබෙන්නේ ලකුණු 324 කි.

කුප්‍රකට බොඩිලයින් සීරීස් එක

අළු බඳුන ඉතිහාසයේ ආන්දෝලනාත්මකම වගේම උණුසුම්ම තරඟාවලිය වන්නේ 1932-33 පැවැත්වුණු බොඩි ලයින් තරඟාවලියයි. මේ තරඟාවලියෙදි ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණය බිඳදැමීම සඳහා එංගලන්ත එවකට නායකයා වූ ඩග්ලස් ජාඩින්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීමය. පිතිකරුවාගේ ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවීමේ භයානක ක්‍රමය වූ බොඩිලයින් ක්‍රම​වේදය. මේ උපක්‍රමය අති සාර්ථක වී තරඟය ජයගත්තද  එංගලන්ත කණ්ඩායම ලබපු ජයග්‍රහ​ණවල වටිනාකම හෑල්ලුවට ලක්වුණේ මෙම බොඩිලයින් පන්දු යැවීමේ අමානුෂික ස්වභාවය හේතුවෙනුයි. මේ නිසාම අදටත් ඕස්ට්‍රේලියා එංගලන්ත  සටන් උණුසුම් වෙලා.

අළුබඳුනේ වීරයෝ.

අලුබඳුන තරඟාවලි වල වැඩිම ලකුණු ලාභියා වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ ​ ඩොන් බ්‍රැඩ්මනුයි. ඔහු ඉනිම​ක සාමාන්‍ය ලකුණු ප්‍රමාණ​ය ලකුණු වේගය 89.78ක් සහිතව මුලු ලකුණු 5,028ක් රැස් කර ඇත. වැඩිම කඩුලු ලාභියා වන්නේ කඩුලු 172 ක් දවාගත්ත ෂේන් වෝන්ය. ඉනිමකදී පිතිකරුවෙක් රැස් කරපු වැඩිම ලකුණු එංගලන්තයේ ලෙන් හ​ට්න්ය ඒ ලකුණු 364යි. ​එංගලන්තයේ ජිම් ලේකර් ලකුණු 90ට ලබාගත්ත කඩුලු 19 තරඟයකදී සිදුකරන ලද හොඳම පන්දු යැවීම හැටියට වාර්තා පොත් අතරට එක්වෙලා (මෙය අදටත් ඉනිමක සහ ටෙස්ට් තරඟයක සිදු කරන ලද ලෝකයේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් වල වැජඹෙනවා).

මැච් එකෙන් කවුරු දිනුවත් නියම කප් එක එංගලන්තේ

අලු බඳුන තරඟාවලියේ ජයග්‍රහණයේදි පිරිනැමෙන අලුබඳන කුසලානය සැබෑ අලුබඳන නොවෙයි. සැබෑ අලු බඳුන කුසලානය කිසිදා දිනලා  ඕස්ට්‍රේලියාවට රැගෙන යන්න හකියාවක නැහැ. එය සදහටම ක්‍රිකට් මහගෙදර වුනු ​ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ  තැන්පත් කරල තියෙන්න විශේෂ වූ ස්ථානයක. සැබෑ කුසලානය වෙනුවට ජයග්‍රාහී කණ්ඩායමට එදා සිට පිරිනැමෙන්නේ එම කුසලානයේ ආකාරයටම හැදූ අනුරූ කුසලානයක් පමණයි.

Latest