Skip to content

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුවෙයි.

නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා පසුගියදා වවුනියාව ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතුරතුරදි පැවසුවේය.

පාලිත රංගේ බංඩාර මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමේ සුදානමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ විවිධ මාධ්‍යවල එවන් තොරතුරු පවතින නමුත්, ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.

පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතුවන බවද හෙතෙම එහිදි සඳහන් කළේය.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද(15)  සඳහන් කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා මහතාද,නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් මහත්මියද,වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ මහතාද කටයුතු කරනු ලැබීය.

එළඹෙන 17 වනදා අදාළ පළාත් වෙත නව ආණ්ඩුකාරවරු පත්කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Latest