Skip to content

අස්වැසුම විරෝධතා විභාගය ඇරඹෙයි!

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14) ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් සමාජ සුබ සාධන මණ්ඩලය පවසන්නේ  ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000ක් වන අතර එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කෙරෙනු ඇති.

Latest