දූෂණ විරෝධී පනත කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කෙරෙන අතර එහි විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වී තිබෙන සංශෝධන හා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද පිළිබඳ සලකා බලන බව ජනාධිපතිවරයා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති උතුරු නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නියෝජිත හමුවේදී ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එම සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගැනීමට නියමිතයි.
මේ අතර ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පිළිබඳවද එහිදී සාකච්ජාවට ගෙන තිබෙන අතර කෙටුම්පත් කමිටුව යුරෝපා සංගම් යෝජනා සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් සංශෝධන සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ගවලින් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.