Skip to content

ඇමරිකානු තානාපතිනිය නැගෙනහිර ආණ්ඩුකාරවරයා හමුවෙයි.

මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ(24) පවත්වා තිබිණ.

ඇමරිකානු තානාපතිනි ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවයා අතර සාකච්ජාවක් පැවති බවයි.

ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර වන සම්බන්ධතාවයන්,නව ආණ්ඩුකාරවරයාගේ නැගෙනහිර පළාත් සංවර්ධන සැළසුම් හා ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමට ගතයුතු ක්‍රියමාර්ග සම්බන්ධයෙන් දෙපාර්ශවය කථා කළ බවද ඇමරිකානු තානාපතිනිය සිය ටුවිටර් පණිවිඩයේ සඳහන් කොට ඇත.

පසුගියදා ඉන්දීයානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හා චීන නියෝජිත කණ්ඩායමක්ද නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා හමුව පසුගියදා සාකච්ජා පවත්වා තිබිණ.

ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන් ඇමරිකාව,චීනය හා ඉන්දීයාව අතර යම් බල අරගලයක් කලෙක පටන්ම පවතින බැව් නොරහසකි.

Latest