මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවය පිරිනැමීය.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සංකේතාත්මක වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ධජය 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අණදෙන නිලධාරිතුමන් වෙත පිරිනමනු ලැබූ අතර ඉන් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන කණ්ඩායම එම මෙහෙයුම සඳහා සූදානම් බවත් එම වගකීම් භාරගැනීමට සූදානම් බවත් පිළිබිඹූ කරයි.
දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් මුලික කොටගත් 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුළත් විය.
නිලධාරීන් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 223 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමාරච්චි කටයුතු කරනු ලබන අතර දෙවන අණදෙන නිලධාරි ධූරය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එම්.ඒ.ඩී. බණ්ඩාරනායක විසින් හොබවනු ලබයි.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මේ වනවිට සේවයේ නිරතව සිටින 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සිය රාජකාරීන් ජූලි මස 1 දින 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම වෙත භාරදීමෙන් අනතුරුව යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.









