Skip to content

ටෙනිස් පිටියේ පුරාවෘතය පැරදූ අවුරුදු 20 තරුණයා.

ටෙනිස් පිටියේ සිය 24වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළට මාන බලමින් සිටි ටෙනිස් ලොව කිරුල වැඩිම කලකට හිමකම් කී  සුපිරි ක්‍රීඩක සර්බියාවේ Novak Djokovic 2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයෙන් පරාජයට පත්කරමින් 20 හැවිරිදි ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz ශූරතාව හිමිකර ගැනීමට සමත් වනේ ටෙනිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමිනි..

අවසන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව  ලොව අංක එකේ ක්‍රීඩක Carlos Alcaraz සහ අංක දෙක ස්ථානයේ රැඳීසිටින Novak Djokovic අතර පැවති ඒ් අවසන් මහා තරගයේදී වට 3ට 2ක් ලෙස ජය අත් කරගත්තේ Carlos Alcaraz විසිනි.

මෙලෙස පැවති අවසන්චා මහතරගය විචාරකින් විසින් හැදින්වූයේ මීළඟ ටෙනිස් පිටියේ බිහිවන ටෙනිස් සුපිරි තරුව සහ මෙ‌තෙක් ටෙනිස් පිටියේ පුරාවෘත්තය අතර පැවැත්වෙන සුපිරිතරගයක් ලෙසය.

ඒම ප්‍රකාශයට මනා වූ වටිනාකමක් දෙමින් පැවති අවසන් මහ තරගයේදී තමාට වඩා වසර 16ක් වැඩිමහල් පරිණත Novak Djokovic පළමු වටයේදී කිසිදු අභියෝගයක් එල්ල කිරීමට 20 හැවිරිදි Alcaraz සමත් නොවූ අතර Novak Djokovic පළමු වටය ජයගත්තේ ලකුණු 6ට 1ක් ලෙසය.

නමුත් Carlos Alcaraz දෙවන වටයේදී කරට කර සටනක නිරතවෙමින් ලකුණු 7ට 6ක් ලෙස එය ජයගත්තේ ප්‍රේක්ෂක අවධානය තමා වෙත යොමු කරවා ගනිමිනි.

Carlos Alcaraz නැවතත් තුන්වැනි වටය ලකුණු 6ට 1ක් ලෙසත්,  Djokovic සිව් වන වටය ලකුණු 6ට 3ක් ලෙසත් ජයගැනීම නිසා සටන තියුණු අවසානයක් විය.

තීරණාත්මක පස්වන සහ අවසන් වටය යොවුන් ක්‍රීඩක Alcaraz ලකුණු 6 ට 4 ක් ලෙස ජය ගනිමින් ටෙනිස් ලොව සිය නමය නොමැකෙන ලෙසින් බැබලවීය.

ඒ අනුව පැය හතරහාමාරකට අධික කාලයක් ‌මේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනාටම දෝලනය වෙමින් තිබූ තරගයේ ජය වට 3ට 2ක් ලෙස ලබාගත් Carlos Alcaraz, 2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව අවසනායේදී හිමිකර ගත්තේය'

එම ජයත් සමග Carlos Alcaraz වාර්තා අතරට එක්වූයේ විම්බල්ඩන් කිරුළ දිනූ ලොව තෙවන ළාබාලතම ක්‍රීඩකයා ලෙසය.

ඒ අනුව පරාජයට පත්වූ Djokovic මාධය වෙත පවසා තිබුනේ මා මෙතෙක් ලොව පහල වූ ශූරයින් වූ රොජර් ෆෙඩරල්, රෆායාල් නඩාල්, ඇන්ඩිමරේ වැනි ක්‍රීඩකයින්ට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රීඩා සෛලියක් Carlos Alcaraz ට පැවතීම නිසාවෙන් ඔහුට මෙම ජයග්‍රහනය හිමිවූ බවටත් ඔහු සුපිරි දක්ෂයෙකු බවටත්ය.

Latest