Skip to content

මීළග ටෙස්ට් තරගාවලිය සඳහා අයර්ලන්ත පිළ දිවයිනට

ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත මීළග ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන අයර්ලන්ත කණ්ඩායම ඊයේ (10) දිනයේදි මෙරටට ළඟාවන ලදී.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වන දින ඇරැඹීමට නියමිත අතර, දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් මස 24 වන දින ඇරැඹීමට නියමිතය. මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.

එසේම මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක්තවය දිමුත් කරුණාරත්න විසින්ම දරනු ඇතැයි ද වාර්තා වේ.

Latest